ඉදිරි සති තුන තුළදී ඔමික්‍රෝන් මෙරට ව්‍යාප්ත ප්‍රධාන ප්‍රභේදය විය හැකියි – උපුල් රෝහණ

Date:

තවත් සති 03 ක් ඉක්ම යනවිට මෙරට තුළ ව්‍යාප්ත ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් ප්‍රභේදය පත්විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ මෙතෙක් හඳුනා ගත් ඔමික්‍රෝන් ආසාදිතයන් 07 දෙනා සමාජයට නිරාවරණය වීම අධ්‍යයනය කිරීමේදී මේ බව තහවුරු කරගත හැකි බවයි.

විශේෂයෙන් එළඹෙන උත්සව සමයේදී ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවත් ඒ නිසා සියලු දෙනාම ඉතා වගකීමෙන් කටයුතු කරමින් එම ව්‍යාප්තිය හැකිතරම් පාලනය කරගත යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙතෙක් හඳුනා ගත් ආසාදිතයන් ප්‍රමාණය 07 ක් වුවද ඊට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටිය හැකි බවද උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

පවත්නා ආර්ථික තත්වය හේතුවෙන් යළිත් වරක් රට වසාදැමීමට තීරණය කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් ආහාර නොමැතිව මියයන තත්වයකට වඩා කොවිඩ් ආසාදනය වී මියයෑම යහපත් බවට බළධාරීන් තීරණය කර ඇති බවත් උපුල් රෝහණ මහතා පවසනවා. මේ නිසා තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ පූර්ණ වගකීම ජනතාව සතු බවත් ඔහු අවධාරණය කරනවා.

UNS – 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...