බිලියන 12 ඉක්මවූ අපනයන ආදායම

Date:

2021 අවසන් වනවිට ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති වරයා සඳහන් කලේ ඉකුත් නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ අපනයන ආදායම තවත් බිලියනයක මාසික වටිනාකමක් වාර්තා කරමින් කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව ඉකුත් වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ නොවැම්බර් මස මෙරට භාණ්ඩ අපනයන ආදායම 55.11% කින් වර්ධනය වී ඇත. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 1215.6 ක් ලෙසයි. ඒ අනුව මේ වසරේ නොවැම්බර් මස අඛණ්ඩව පස්වන වරටත් ඩොලර් බිලියනයකටත් වඩා ඉහළ මට්ටමක අපනයන ආදායමක් පවත්වාගෙන ඇත.

අපනයනය වර්ධනයට වැදගත් වශයෙන් හේතු වූයේ කොවිඩ් වසංගතය වැලැක්වීම ඵලදායි ලෙස පාලනය කිරීමයි. තවද මෙවැනි අර්බුදකාරී තත්ත්වයකදී විදේශ මුදල් උපයා ගැනීමෙන් ජාතික ආර්ථිකයට සහය වීමට අපනයන ප්‍රජාව ලබාදුන් දායකත්වයයි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...