ගෙදර මිනිස්සුන්ගෙනුත් බැණුම් අහගෙන මම ලේකම්කම බාර ගත්තෙ – හිටපු කෘෂිකර්ම ලේකම් (Video)

Date:

උප කුලපති තනතුරද අතහැර දමා තම පවුලේ සාමාජිකයන්ගෙන් මෙන්ම සමීප හිතමිතුරන්ගෙන්ද බැණුම් අසමින් තමා කෘෂිකර් අමාත්‍යංශයේ ලේකම් තනතුර බාර ගැනීමට තීරණය කළ බව කෘෂිකර් අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පවසනවා. ලේකම් තනතුර බාර ගැනීමට තීරණය කළ පසු ඇතැම් හිතමිතුරන් තමාට කතාකර ‘මේ කුණු ගොඩට පනින්නෙ උඹට පිස්සුද ?’ යැයි විමසූ බවද හිටපු ලේකම්වරයා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනියේ දවස වැඩසටහනට සහභාගිවෙමිනි.

ලේකම්වරයා ලෙස තමා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තෘප්තිමත් වන බවත් රටේ ජනතාවගෙන් 90% කට වැඩි බහුරතයක්ද එය පිළිගනු ඇතැයි තමා සිතන බවත් ජයසිංහ මහතා සඳහන් කරනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වෙනත් පුද්ගලයෙකු පත් කරනතුරු ඒ පිළිබඳව නොදැන සිටි බවත්, මේ වනතෙක් තමා ඉවත් කිරීමට හේතුව කුමක්ද යන්න නොදන්නා බවත් ඔහු පවසනවා. ඒ සම්බන්ධයෙන් විමසීමට හෝ තර්ක කිරීමට බලාපොරොත්තු නොවන බව ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...