*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ප්‍රකාශය අසත්‍යයයි. හැකි නම් ඔප්පු කරන්න – කතෝලික සභාවෙන් ඇමති ටිරාන්ට අභියෝගයක් (VIDEO)

සිරිල් ගාමිණී පියතුමන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් හැකි නම් එම ප්‍රකාශය සත්‍යය යැයි ඔප්පු කරන්නැයි අමාත්‍යවරයාට අභියෝග කරන බවත් කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

“අපි දැක්කා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහත්මා මාධ්‍ය සාකච්ඡාවකදී පවසනවා ගරු සිරිල් ගාමිණී පියතුමා විසින් සිදුකරන ලද හදිසි අනතුරකදී එතුමාව පොලිසියට ගෙනගිය වෙලාවේදී කාදිනල්තුමාගේ සමීපතමයෙක් දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකථනයෙන් කතාකරලා උන්වහන්සේව බේරලා දෙන්නය කියලා ආයාචනා කළා කියලා. ඒවගේම පහුවදාම ගරු සිරිල් ගාමිණී පියතුමා වැඩබලන පොලිස්පතිවරයාට දුරකථනයෙන් කතාකරලා ස්තූති කළායි කියලා කියනවා. ඒක සම්පූර්ණ බොරුවක් කියන එක තමයි අද දවසේ මා ප්‍රකාශ කරන්නට ඕනෙ.

කාදිනල් හිමිපාණන් බොහොම වගකීමෙන් යුතුව මට පැවසුවා මේ සිද්ධිය පිළිබඳව කාදිනල්තුමන් දන්නේ පහුවදා, ගරු සිරිල් ගාමිණී පියතුමන් මේ සිද්ධියෙන් පොලිසියෙන් නිදහස්වෙලා ආවාට පස්සෙ තමයි උන්වහනසේ මේක දැනගත්තේ කියලා කාදිනල් හිමිපාණන් බොහොම වගකීමෙන් කියනවා. ඒවගේම කාදිනල් හිමිපාණන් විමතියට පත්වෙනවා උන්වහන්සේ වෙනුවෙන් රජයෙන්, පොලිසියෙන් විශේෂ වරප්‍රසාද ඉල්ලුවේ කවුද කියන එක සම්බන්ධව. ඒ කියන්නෙ උන්වහන්සේ කියනවා කිසිමදාක උන්වහන්සේ වෙනුවෙන් රජයෙන් හෝ පොලිසියෙන් හෝ වෙනත් කිසිම ආයතනයකින් විශේෂ වරප්‍රසාද ඉල්ලන්නට තරම් සමීපතමයෙක් උන්වහන්සේට නැහැයි කියන එක සහ එවන් සමීපතමයෙක්ට හෝ කිසිම කෙනෙකුට උන්වහන්සේ කිසිම බලතලයක් දීලා නැහැයි කියලා උන්වහන්සේ වෙනුවෙන් විශේෂ වරප්‍රසාද ඉල්ලන්නට. ඒ කියන්නෙ ඒක සම්පූර්ණ බොරුවක් කියන දේ අපි ප්‍රකාශ කරන්නට ඕනෙ.

ඒවගේම තමයි ගරු සිරිල් ගාමිණී පියතුමා මේ සිද්ධිය සිදුවුණු අවස්ථාවේදී උන්වහන්සේ කවදාවත් දැන සිටියෙත් නෑ යම්කිසි කෙනෙක් මේ දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයාට මේ බව දැනුම් දෙනවා කියලා. මොකද උන්වහන්සේ ඒ අගතියට පත් පාර්ශ්වයත් එක්ක කතාකරලා ඒක සමථයකට පත්කර ගත්තා. ඉතින් මේ ටිරාන් අලස් ඇමතිතුමා කියනවා ගරු පියතුමා පහුවදා වැඩබලන පොලිස්පතිවරයාට ආමන්ත්‍රණය කරලා ස්තූති කළායි කියලා. මේවගේ පට්ටපල් බොරු කියන්නට එපායි කියලා ටිරාන් අලස් ඇමතිවරයාට අපි කියනවා. ඒවගේම එවැනි සිද්ධියක් ඔප්පු කරන්නට පුළුවන් නම් කරුණාකරලා ඔප්පු කරලා පෙන්වන්න, දේශබන්දු තෙන්නකෝන් මහතාට එතුමා කතා කළා කියලා ඔප්පු කරලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා. ඒවගේම තමයි මේ ටිරාන් අලස් ඇමතිවරයාගේ ක්‍රියාකලාපය අපි සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා”

ජූඩ් ක්‍රිශාන්ත පියතුමා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan