රජයට අයත් පොහොර සමාගම් දෙක එකක් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අරමුණු කරගෙන ඇති අතර  ඒකාබද්ධ වන මේ සමාගම් දෙක ඉදිරියේදී State Fertilizer Corporation යන නාමයෙන් හැඳීන්වීමට යෝජනා වී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා විසින්  මෙම කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

ඒ අනුව රජයට අයත් මේ පොහොර සමාගම් දෙක එක් සභාපතිවර‍යකු හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ එක් සමාගමක් වශයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

මින් පෙර සභාපතිවරුන් දෙදෙනකු හා අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මේ සමාගම් දෙක මේ වන විට එක් සභාපතිවරයකු යටතට පත් කිරීමෙන් මහජන මුදල් නාස්ති වීම අවම කිරීමටත්, ඒ ඒ ආයතනවල ලාභය උපරිම කිරීමටත් අපේක්ෂිතය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ ,කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති එකම විෂයයක් යටතේ ඇති වෙනත් ආයතන ගණනාවක්ද ඉදිරියේදී ඒකාබද්ධ කිරීමට පියවර ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...