රජයට අයත් පොහොර සමාගම් දෙක එකක් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අරමුණු කරගෙන ඇති අතර  ඒකාබද්ධ වන මේ සමාගම් දෙක ඉදිරියේදී State Fertilizer Corporation යන නාමයෙන් හැඳීන්වීමට යෝජනා වී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා විසින්  මෙම කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

ඒ අනුව රජයට අයත් මේ පොහොර සමාගම් දෙක එක් සභාපතිවර‍යකු හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ එක් සමාගමක් වශයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

මින් පෙර සභාපතිවරුන් දෙදෙනකු හා අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මේ සමාගම් දෙක මේ වන විට එක් සභාපතිවරයකු යටතට පත් කිරීමෙන් මහජන මුදල් නාස්ති වීම අවම කිරීමටත්, ඒ ඒ ආයතනවල ලාභය උපරිම කිරීමටත් අපේක්ෂිතය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ ,කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති එකම විෂයයක් යටතේ ඇති වෙනත් ආයතන ගණනාවක්ද ඉදිරියේදී ඒකාබද්ධ කිරීමට පියවර ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...