එක යුගයක ආදරයේ වාහකය …..

Date:

අපි ආදරේ කරන්න පටන් ගත්ත පාසල් කාලේ, දැන් වගේ mobile phone තිබුණෙ නැහැ. කෙටි පණිවිඩ (SMS) කියලා ජාතියක් තිබුණෙත් නැහැ. ඉස්කෝලේ එක්සයිස් පොතක මැද කොළ දෙක කඩා ගත්තහම පිටු හතරක් තියෙනවා. රසවත් විදිහට ආදරෙයි කියන්න. ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට ආදරය දෝරේ ගලනවා. උතුරා යන ආදරය පිරුණු ලියුම් කඩදාසි එහාට මෙහාට හුවමාරු වෙනවා. එකක් දෙකක් නෙවෙයි සිය ගණන් දහස් ගණන්.

ඒ හැම ලියුමක්ම පටන් ගන්නේ, ආදරණීය කටහඬකින් ගැයෙන ආදර ගීයක පද කීපයකින්. තරුණ හිත් වල තෙරපුණු ආදරේ අනික් පාර්ශවය වෙත රැගෙන ගියේ ලියුම් කොලේ දිගහැරපු ගමන් ඇහෙන මේ හඬවල්. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි………

ඒ හඬ පෞරුෂයන් ගේ ප්‍රභවයන් අද නිවී ගිහින්. ඒ නිවී ගිය ප්‍රභවයන් අතර ට අලුතින්ම එක් එක් වුණේ ප්‍රියා සුරියසේන. එක යුගයක ආදරයේ වාහකය ……….ප්‍රියා සුරියසේන

ඔබට සුබ රාත්‍රියක්… !

~ අසෝක හඳගම

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...