හදුන්නෙත්තිගෙන් CID වෙත පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (24) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තමන් නමින් සිදුකරන මුදල් වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සිය නමින් හඳුන්වා ගත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා සඳහා යැයි පවසමින් මුදල් ලබාගන්නා බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇති බවට පවසමින් අමාත්‍යවරයා එම පැමිණිල්ල සිදුකර තිබේ.

මහජන නියෝජිතයෙක් මෙන්ම වගකිවයුතු අමාත්‍යවරයෙක්ද වන තමා වැනි අයව පවා භාවිතා කරමින් මෙවැනි වංචාවන් නොබියව සිදුකරන පසුබිමක සාමාන්‍ය පොදු මහජනතාව මෙවැනි වංචාකරුවන්ගේ ඉලක්ක බවට පහසුවෙන්ම පත්වීමේ හැකියාවක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ලංකාවේ ක්‍රියාත්මක නීතිය මෙවැනි වංචාකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට ප්‍රමාණවත් හෙයින් අමාතවරයා පැවසුවේ තමාට මෙන්ම මෙවැනි වංචාවන්ට හසුවූ අනෙකුත් අය වෙනුවෙන්ද නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව විශ්වාසය තබන බවයි.

එමෙන්ම තමා නමින් මුදල් ඉල්ලන මෙවැනි වංචාකරුවන් හට මුදල් ලබාදීමෙන් වළකින ලෙස ද හඳුන්නෙත්ති මහතා මහජනතාව දැනුවත් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස්...

කෝටි 31ක මත්ද්‍රව්‍ය ගුවන් තැපෑලෙන් මෙරටට: කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර එවලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : සීදූව ප්‍රදේශයේ පිහිටි...

පසුගිය දශක කිහිපය තුළ බ්ලොක්බස්ටර් සීමා බිඳලූ සිනමාංග කිහිපයක්!

සටහන – පුලී සැප්තැම්බර් 03, කොළඹ (LNW): The Exorcist, Jaws, සහ...