චීනයේ Bohai මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක්!

Date:

කොළඹ LNW:ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6 තෙල් නිධිය චීනයේ Bohai මුහුදෙන් සොයාගෙන තිබෙනවා. චීන ජාතික අක්වෙරළ තෙල් සංස්ථාව (CNOOC) අද(24) මේ බව ප්‍රකාශ කළා.

2019 වසරේ සිට චීනයේ විශාලතම බොරතෙල් නිෂ්පාදන ඒකකය වන Bohai තෙල් නිධියෙන් සොයා ගත් සංචිතය ටොන් මිලියන 100 ඉක්මවන හත්වන තෙල් නිධිය මෙයයි. චීනයේ අක්වෙරළ තෙල් හා ගෑස් සංචිත තවදුරටත් තහවුරු කිරීම සහ ජාතික බලශක්ති ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙය ඉතා වැදගත් වන බවයි වාර්තා වන්නේ.

Qinhuangdao 29-6 තෙල් නිධිය Bohai මුහුදේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. Qinhuangdao 27-3 තෙල් නිධිය සොයාගැනීමෙන් පසු, මෙය මෑත වසරවලදී මෙම මුහුදු ප්‍රදේශයෙන් සොයා ගත් ටොන් මිලියන 100කට වඩා වැඩි සංචිත සහිත තවත් තෙල් නිධියක් වනවා. මෙම තෙල් නිධියෙන් දිනකට බොරතෙල් ටොන් 370ක් පමණ නිපදවීමට හැකි බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...