විදුලි සැපයුම අර්බුදයකට: ඩීසල් බලාගාරවලින් ගන්න වෙනවා – ඉංජිනේරුවෝ කියති.

Date:

නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 270 ක් ජාතික විදුලි පද්ධතියෙන් ඉවත්වීමත් සමඟ පවතින විදුලි අර්බුදය උග්‍ර වී තිබේ.

ඒ අනුව දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම අභියෝගයකට ලක්ව ඇතැයි ලංවීම ඉංජිනේරුවෝ පවසති.

විකල්පයක් ලෙස කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට සැලසුම් කළත් එම බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා නැප්තා නොමැති නිසා ඩීසල් බලාගාරවලින් පවතින ඉල්ලුම සපුරාලීමට සිදුවන බව ද ඉංජිනේරුවරු පැවසූහ.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ හතරවැනි බලාගාරය ලෙස මෙගාවොට් 500 යකින් යුත් සාම්පූර් බලාගාරය ඉදිකරන ලෙසට දිගින් දිගටම ඉංජිනේරු සංගමය කියාසිටියත් එය ඉදි නොකිරීමේ වරදින් මුළු රටේම ජනතාව විඳවන බව ද ඔව්හු කියා සිටියහ.

මේ අතර පාවෙන බලාගාර (බාච්) මෙරටට ගෙන්වා හදිසි විදුලි මිලදී ගැනීමකට එක්තරා පිරිසක් කටයුතු කරමින් සිටින බව ද ඉංජිනේරුවරු කියා සිටිති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...