*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

Jingle Bells පැටිකිරිය

තනි මනුස්සයෙක්ගෙ බර්ත්ඩේ එකක් ලෝකයක් සෙලිබ්‍රේට් කරනවා දැකලා තියෙනවාද? එහෙම මිනිස්සු ටික දෙනෙක් ඉන්නවා. ඒ දවස්වලට වෙනම නමකුත් තියෙනවා. මේ ගෙවෙන්නෙ එහෙම දවස් ටිකක්. 

අපි කතා කරන හාදයාගෙ නම ජේසු. මිනිහගෙ බර්ත්ඩේ එකට දීලා තියෙන නම නත්තල. සිංහලෙන් නත්තල. ඉංග්‍රීසියෙන් ක්‍රිස්මස්. ස්පැනිෂ්වලින් නවිඩෑඩ්.  ෆර්ලීස් නවිඩෑඩ් කියලා කැරොල් එකක් අහලා ඇති. ඒ කිව්වෙ ‘මෙරි ක්‍රිස්මස්’ කියලා ස්පැනිෂ්වලින්. එනිවේ, ක්‍රිස්මස් ෆීල් එක ගේන්නෙ දෙසැම්බර් විසිපහ උදා වීම නෙවේ. ඇත්තටම බර්ත්ඩේ බෝයිට වඩා එලිමන්ට්ස් ක්‍රිස්මස් එකට තියෙනවා. නත්තල් ගහ, නත්තල් සීයා, නත්තල් සැරසිලි, නත්තල් කේක්, ගවලෙන, නත්තල් කැරොල් මෙව්ව දැක්කම තමා නත්තල ෆීල් වෙන්නෙ.

ජේසු කෙසේ වෙතත් නත්තල් සීයා නැති නත්තලක් නං මිනිස්සුන්ට ඕනෙ නෑ. ඒ නිසා නත්තල් සීයා එහෙම නැත්තං සැන්ටා ක්ලෝස්ව ජේසුට වඩා ක්ලොස් වෙලා අපිට පේන්න ගන්නවා. සැන්ටා ගැන හැදුන එක එක විදියෙ ෆෝක්ලෝස් තියෙනවා. ඒ අතරෙ කැරොල් එහෙමත් තියෙනවා. ‘Jingle bells’ ෆේමස් කැරොල් එකක්. සමහර වෙලාවට ජින්ගල් බෙල්ස් මියුසික් එක ඇහුනෙ නැත්තං  නත්තලක් නෑ වගේ එකකුත් තියෙනවා. ඒ තරමටම සින්දුව නත්තලට ජීර්ණය වෙලා. 

ජිංගල් බෙල්ස් කියද්දි අපිට ඉමැජින් වෙන්නෙත් නත්තල් සීයව.  ටිලිං ටිලිං බෙල් සද්දෙ දාගෙන හිම කරත්තෙ පිනි මුවෝ එක්ක පැද්දි පැද්දි පොර එනවා කියල පොඩ්ඩන්ට වගේම ලොක්කන්ටත් හිතෙනවා. ලෝකෙටම එකම දර්ශනයක් මැවෙනවා. මේ සේරම මෙහෙම උනත් ඔබට විශ්වාස කරන්න වෙනවා, ‘ජිංගල් බෙල්ස්’ ලියවෙන්නෙ නත්තල වෙනුවෙන් නෙවෙයි කියන එක. පුදුමයි නේද? සිද්ධිය ඇහුවම baltimoraගෙත් ඇස් ලොකු උනා. හොයලා බැලුවම වැඩේ ඇත්ත.

සෝන්ග් රයිටර් වගේම කම්පෝසර් වෙන්නෙ ජේම්ස් ලෝඩ් පියර්පොන්ට්. ඇමරිකන් සෝන්ග් එකක්. ලියවෙන්නෙ 1822 වගේ ඈත කාලෙක. මේක ටයිට්ල් වෙන්නෙ ‘One horse open sleigh ‘ කියලා. සෝන්ග් එකේ මුල ඉඳලා අගටම කියවෙන්නෙ අස්සයෙක් දක්කගෙන හිම කරත්තයක් පැද පැද කොල්ලෙ කෙල්ලො ගන්න ආතල් එකක් ගැන. 

Sleigh games, ඒ කියන්නෙ හිම මත හිමයානත් එක්ක කරන ස්පෝර්ට් එකක්. ඇමරිකාවෙ හිම ප්‍රදේශවල මේක කොම්පිටිශන් එකක් විදියට කෙරෙනවා. ඉතින් ඒ හිම කරත්තෙ බඳින අශ්වයන්ගෙ පටිවලයි කුරවලයි සීනු බඳිනවා කියලා කියවෙනවා. හිම අස්සෙ තරග කරද්දි කුර පොළවෙ වදින සද්දෙ ඇහෙන්නෙ නැති නිසා, කරත්තයක් එන බව දැන ගන්නෙ ඒ බෙල් වදින සද්දෙන්. ජිංගල් බෙල්ස් කියන කොටස සෝන්ග් එකට ඇඩ් වෙන්නෙ ඒ නිසයි. පස්සෙ කාලෙක එක එක මියුසිකල් ගෲප්ස් සෝන්ග් එකට කවර්ස් කරලා  රීමේක් කරලා අරගෙන ක්‍රිස්මස් සෝන්ග් එකක් විදියට එස්ටැබ්ලිශ් කරනවා. 

ජිංගල් බෙල්ස් නැති ක්‍රිස්මස් එකක් කියන්නෙ ඉතිං බ්‍රයිඩ් නැති වෙඩින් එකක් වගේ තමා ගයිස්. ජිංගල් බෙල්ස් නැති උනානං සැන්ටත් ක්ලෝස් වෙන සීන් එකක් තියෙන්නෙ. ඒ තරං පත්තියං සින්දුව! 

BALTIMORA

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan