සංඝමිත්තා තෙරණිය සහ රාමායනයේ සීතා යන ප්‍රතිමූර්තිමත් චරිත තුළින් ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳ ව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සාකච්ඡා කරයි

Date:

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු සහ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරිය වන මීනාක්ෂි ලේඛි මැතිණිය සමඟ දෙසැම්බර් මස 19 වන ඉරිදා දින පැවති හමුවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සංස්කෘතික කටයුතු වැඩි දියුණු කිරීම සඳහා වන ක්‍රමෝපායන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ.

විශේෂයෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති සබඳතාවන්හි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ප්‍රතිමූර්තිමත් ඓතිහාසික චරිත ද්විත්වයක් වන සංඝමිත්තා තෙරණියසහ රාමායනයේ සීතා කුමරිය ප්‍රවර්ධනය කිරීම තුළින් අසල්වැසි ජාතීන් දෙක අතර සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

සංඝමිත්තා තෙරණිය සහ රාමායනයේ  සීතායනු ඉන්දු-ලංකා සබඳතාවලට ඉමහත් දායකත්වයක් ලබාදුන් අසාමාන්‍ය කාන්තා චරිත ද්විත්වයක් වන බවත් ඔවුන් ආශ්‍රයෙන් ව්‍යාප්ත වන  නවීන ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි ගවේෂණය කිරීමට එකඟ වූ බවත් මෙහි දී දෙපාර්ශවය විසින් ම සඳහන් කරනු ලැබිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දීය ජාතික කෞතුකාගාරය මෙන් ම නූතන කලාව පිළිබඳ ජාතික කලාගාරය අතර සහයෝගීතාව පවත්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙම හමුව අතරතුර දී සාකච්ඡා කෙරිණි. මීට අමතර ව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසට මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දීය රාජ්‍ය අමාත්‍ය මීනාක්ෂි ලේඛි මැතිණියට ආරාධනා කළේය.

මෙම අවස්ථාවේ දී මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා විසින් ද්විපාර්ශ්වික සංස්කෘතික සහයෝගීතාව පිළිබඳව සවිස්තරාත්මක මාර්ග සිතියමක් ඇතුළත්  “ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වන ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය 2021/2023″ නම් වූ සිය මාර්ගෝපදේශයේ පිටපතක් අනගාරික ධර්මපාල අරමුදල මඟින් ප්‍රකාශයට පත් කරන ලද “බුද්ධගයාවේ මහාබෝධි විහාරයේ ඉතිහාසය” නම් ග්‍රන්ථයේ හින්දි පිටපතක් සමඟින් ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරිය වෙත ලබා දෙන ලදි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2021 දෙසැම්බර් 22  වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...