වගකීමෙන් කියන්නේ, ලබන වසරේ කිසිදු ආහාර හිඟයක් ඇතිවෙන්නේ නෑ – ඇමති මහින්දානන්ද (VIDEO)

Date:

ලබන වසරේ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බව තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

“රසායනික පොහොර සමාගම්වල නියෝජිතයින් පවසනවා ආහාර හිඟයක් ඇතිවෙනවා කියලා. අද දිනයේ මම ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම කෘෂි ක්ෂේත්‍රයේ නිලධාරීන් සමග සමාලෝචනයක් කළා. ලක්ෂ 8ක් වගා කරලා තියෙනවා, නිෂ්පාදනයේ පොඩි අඩුවීමක් වෙයි, නමුත් කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බව ඔවුන් ශපථ කළා.

එළවලු සඳහා පොහොර අපි ආනයන කරලා තියෙනවා. ජනවාරි පොහොර ටික එනවා. ඒ නිසා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මම වගකීමකින් කියනවා ලබන වසරේ මේ රටේ කිසිදු ආහාර හිඟයක් ඇතිවෙන්නේ නැති බව”

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...