උද්ධමනයෙන් ලෝක වාර්තාවක් – ඇෆ්ගනිස්ථානය හයිටිය වැනි රටවලුත් අභිබවා යයි

0
119

ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 16 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. tradingeconomics වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

අදාල ශ්‍රේණිගත කිරීම අනුව ආසියාව තුළ අප සිටින්නේ 06 වැනි ස්ථානයේයි. ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවට වඩා ආහාර උද්ධමනය ඉහළ රටවල් වන්නේ ලෙබනනය, ඉරානය, සිරියාව, කිර්ගිස්ථානය, මොංගෝලියාව යන රටවල් පමණි.

පසුගිය මාසයේදී මෙරටින් වාර්තා වූ 9.9% උද්ධමනය අගය සලකා මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ. කෙසේ නමුත් මේ වනවිට මෙරට උද්ධමනය 11.1% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව tradingeconomics ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ ස්ථානය තවදුරටත් ඉහළ යනු ඇත.

ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව, හයිටිය, සෝමාලියාව වැනි රටවල පවාා ශ්‍රී ලංකාවට වඩා අඩු උද්ධමනයක් වාර්තා වන බවයි මෙම ශ්‍රේණිගත කිරීම් පැහැදිලි කරන්නේ.

අදාල වාර්තාව මෙතැනින්…..

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here