ගොඩනැගෙන සතොස

Date:

ලංකා සතොස ආයතනය ස්ථිර සෙවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමට එහි කලමණාකාරීත්වය තීරණය කොට තිබේ.

වසර ගණනාවක සිට අඛණ්ඩව පාඩු ලැබූ ලංකා සතොස ආයතනය මෙහෙයුම් ලාභයක් ලබා ගැනීම හා මේ වසරේ අලාභය අවම කර ගැනීම නිසා ප්‍රසාද දීමනා ලබාදීමට ලංකා සතොස ආයතනයට හැකියාව ලැබී ඇත. සියලු ස්ථිර සේවයකයන්ට ප්‍රසාද දීමනා ලබා ඇත.

2015 වසරේදී රුපියල් කෝටි 200 ක අලාභයක් වාර්තා කළ සතොස 2016 වසරේදී රුපියල් කෝටි 501ක පාඩුවක් ලබා ඇත. කෙසේ වුවද එම පාඩුව කෝටි 130 දක්වා අවම කර ගැණුනා. ඒ කොවිඩ් වසංගත සමයේ දිවයින පුරා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය සතොස වෙත පැවරීමත් සමඟයි.

එම පාඩුව මෙම වසරේදී රුපියල් කෝටි 80 දක්වා අවම කර ගැනීමට හැකියාව ලැබී ඇත. පසුගිය තෙමසක කාලය තුළ මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට කළමනාකාරීත්වයට හැකිවිය. ඒ අනුව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසු ස්ථිර සේවකයන්ට රුපියල් 30,000 බැගින් ප්‍රසාද දීමනා ගෙවීමට තීරණය කෙරිණ.

කෙසේ වෙතත් වසර ගණනාවකට පසු සතොස ආයතනය මෙසේ වර්ධනයක් පෙන්වීම ඉතාමත් සතුටට කරුණකි . ඒ මගින් තම සේවකයන් ද මෙසේ තෘප්තිමත් කිරීම සඳහා කටයුතු කිරීම ඉතාමත් වැදගත් තීරණයකි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...