*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සන්ධාන මොකටද ? අපිට තනියම පුලුවන් ! – ජවිපෙ (Video)

රටට ආදරය කරන ජනතාව සමග මිස පරාජිත දේශපාලන පක්ෂ සමග කිසිදු සන්ධානයකට එළඹීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. දේශපාලන සන්ධාන සම්බන්ධයෙන් ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බවත්, ඉතිහාසය තුළ ගොඩනැගූ සන්ධානවලින් ජනතා බලාපොරොත්තු ඉටු වී නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රීලනිප-ජවිපෙ සන්ධානයක් පිළිබඳව ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර මහතා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමිනි.

රට දිනවන, ජනතාව දිනවල සන්ධානයක් ගොඩනැගිය හැක්කේ පරාජිත දේශපාලන පක්ෂවලට නොව නව අදහස්වලට ගරු කරන ජනතාව සමග බවද ඔහු පෙන්වා දෙනවා. ඒ නිසා දේශපාලන පක්ෂ සමග නැවත කිසිදු සන්ධානයකට නොයන බවද මන්ත්‍රීවරයා පවසනවා.

කෙසේ නමුත් දේශපාලන සන්ධානයක් සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට ස්තුතිවන්ත වන බවද විජිත හේරත් මහතා පවසනවා.

මීට පෙර ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙන්ම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීම ප්‍රතික්ෂේප කර තිබිණි.

ටිල්වින් සිල්වා මහතා ඊයේ උද්ගෝෂණයක් අතරතුරදී ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ පිරිසිදු දේශපාලනයක නිරත වන නමුත් ශ්‍රීලනිපය පිරිසිදු දේශපාලන පක්ෂයක් ලෙස හැඳින්විය නොහැකි බවයි. දූෂණය වංචාව පිරුණු, ජනතාවට එරෙහි වත්මන් ආණ්ඩුව තුළ සිටින කිසිදු පාර්ශ්වයකට පිරිසිදු දේශපාලනයක නිරත විය නොහැකි බවත්, ඔවුන් සියලු දෙනා ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට වගකිව යුතු බවත් ජවිපෙ ලේකම්වරයා සඳහන් කරනවා.

මේ වනවිට ජාතික ජන බලවේගය හරහා තනි දේශපාලන ගමනක ගොස් ජයග්‍රහණය කළහැකි බවට ජනතා විමුක්ති පෙරමුණ දැඩි විස්වාසයක සිටී. පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදීද ඔවුන් එවැනිම විස්වාසයකින් කටයුතු කළ නමුත් අවසානයේ ඔවුන්ට ලැබුණේ 03% ක ඡන්ද ප්‍රමාණයක් පමණකි. රටේ බලය ලබා ගැනීමට නම් ජනතා විමුක්ති පෙරමුණට හෝ ජාතික ජන බලවේගයට 2024 වසර අවසන් වනවිට තවත් 47% ක විස්වාසය දිනා ගැනීමට හැකි විය යුතුය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan