අල්ලස් සිද්ධියේ විදුහල්පති රිමාන්ඩ්

සිසුවෙකු සිය පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිදුවීමකට සැකපිට අත්අඩංගුවට ගත් ගම්පහ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිරවයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. විදුහල්පතිවරයා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ජාත්‍යන්තර පාසලක 07 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන තම පුත්‍රයා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා මෙලෙස අල්ලස් මුදලක් ඉල්ලූ බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර තිබුණේ ගම්පහ පදිංචි කුමාරසිංහ කෞෂල්‍ය නමැත්තාය.

පැමිණිල්ල සිදුකිරීමෙන් පසුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිළධාරීන්, උපාය දූතයෙකු යොදවා, අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත්තේය.

UN