ඊශ්‍රායල් හමාස් ගැටුමට මැදිව මිය ගිය මාධ්‍යවේදීන් ගණන 103ක් දක්වා ඉහළට!

Date:

කොළඹ LNW:ඊශ්‍රායල් – හමාස් ගැටුමට මැදිව මේ වන විට මාධ්‍යවේදීන් 103කු මියගොස් ඇති බව ගාසාහි රජයේ මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.

බොහෝ දෙනා මිය ගොස් ඇත්තේ තුවාල ලබා සිටියදි ඔවුන් වෙත සහන සේවකයින්ට ළඟා වීමට තිබුණු දැඩි දුෂ්කරතාව නිසා බව වාර්තා වෙයි.

ගාසා තීරණයේ රැඳී සිටිමින් වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්මාගේ ජීවිතාරක්ෂාව ගැන අවධානය යොමුකරන ලෙස අවස්ථා කිහිපයකදී ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියද ඔවුන් ඒ ගැන තැකීමක් කර නොතිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිවිල් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයද ඉල්ලා තිබෙන පසුබිමක මේ වනවිට ඊශ්‍රයලය ගාසා වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර තිබේ.

පසුගිය ඔක්තොමර් 07වැනිදා සිට මේ දක්වා ගැටුම් හේතුවෙන් නිරායුධ පලස්තීනුවන් 20,424ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 54,036ක් පමණ තුවාල ලබා ඇති බවද ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...