මරළුවාවේ වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කුරුණෑගල, වැල්ලව, මරළුවාව ප්‍රදේශයේ ඊයේ (දෙසැම්බර් 24) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

එම ප්‍රදේශයේ නිවසක සිටි අඹු සැමි යුවලකට නාඳුනන පුද්ගලයකු විසින් වෙඩිතබා පළාගොස් ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා මරණයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මරළුවාව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකි. තුවාල ලැබූ ඔහුගේ බිරිඳ 30 හැවිරිදි අයෙකි.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...