මරළුවාවේ වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කුරුණෑගල, වැල්ලව, මරළුවාව ප්‍රදේශයේ ඊයේ (දෙසැම්බර් 24) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

එම ප්‍රදේශයේ නිවසක සිටි අඹු සැමි යුවලකට නාඳුනන පුද්ගලයකු විසින් වෙඩිතබා පළාගොස් ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා මරණයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මරළුවාව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකි. තුවාල ලැබූ ඔහුගේ බිරිඳ 30 හැවිරිදි අයෙකි.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...