වැඩිකළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් වෙයි!

කොළඹ LNW:වැඩිකළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8500 සිට රුපියල් 10, 000 දක්වා ඉහළ නංවා තිබෙන අතර අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව ද රුපියල් 17,500 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩ අතරේ සංක්‍රාන්තික, අවධානමට ලක්වූ සහ අන්ත දිළිඳු තැනැත්තන් සහිත පවුල් 480,000ක් සඳහා පිළිවෙලින් රුපියල් 5,000 සහ 17,000ක මාසික සුබසාධක ප්‍රතිලාභ දීමනාවක් ගෙවීමට නියමිතය.

මෙම සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ පවුල් සඳහා අස්වැසුම ගෙවනු ලබන කාලය ලබන මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.

අස්වැසුම දීමනා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමග පසුගිය මැයි මස 17 වනදා නිකුත් කරන ලද අස්වැසුම සුභසාධක ගෙවීමේ යෝජනා ක්‍රමය අවලංගු වන අතර මේ වන විටත් ප්‍රතිලාභ සඳහා තේරාගෙන ඇති හා විවිධ හේතු මත ගෙවීම් සිදු කිරීම ප්‍රමාදව ඇති ප්‍රතිලාභීන්ද, අභියාචනා විභාග කෙරෙමින් පවතින අයදුම්කරුවන් සඳහා ද ඔවුන්ගේ සුදුසුකම් ලැබීම් මත එම ගෙවීම් මේ මස 31 වැනිදා දක්වා ගෙවීමට පියවර ගෙන ඇති බවද එම ගැසට් නිවේදනයේ සඳහන්ය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...