කොළඹ LNW: ලොව පුරා උත්සවශ්‍රීයෙන් සමරන උදා වූ නත්තල වෙනුවෙන් කොළඹ අගනගරය ප්‍රධාන නගර ප්‍රදේශය නත්තල් ආලෝකයෙන් සැරසී තිබෙන ආකාරය දක්නට ලැබෙයි.
රටක් ලෙස අනපේක්ෂිත ස්වභාවික ව්‍යසනයකට මුහුණ දී ඒ මතින් නැගී සිටින මොහොතක මෙවර ශ්‍රී ලංකාවාසීන්ටද යළි නැගීම වෙනුවෙන් මෙවර නත්තලද උත්ප්‍රේරණයක් ලබා දී තිබේ.
ඒ අනුව සියලු දුක් දෝමනස්සයන් මැද සිනහවෙන් නත්තල පිළිගැනීම වෙනුවෙන් කොළඹ නගරය, වරාය නගරය, ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශය මෙන්ම කොච්චි කඩේ පල්ලිය ඇතුළු පරිශ්‍ර නත්තල් සිරියෙන් හැඩ කර තිබුණි.
සාමය, සතුට, සැනසීම පිරි අර්ථවත් නත්තලක් වෙනුවෙන් අප ඔබට සුබ පතන්නෙමු.
ජායාරූප - අජිත් සෙනෙවිරත්න
































