අපි එදා මහින්ද එක්ක ගිවිසුම් ගැහුවේ දොන් ජුවන් වික්‍රමසිංහගෙන් රට බේරාගන්නයි. මහින්ද රට බේරාගත්තා – ඇමති ජයසිංහ

Date:

ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා සමග ගිවිසුම්ගත වුණේ රනිල් වික්‍රමසිංහ මහතා රට පාවාදීමට සහ රට විකිණීමට ගෙනගිය වැඩපිළිවෙල පරාජය කර රට බේරාගැනීම සඳහා බවත් මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වය දෙමින් ඒ කාර්යය ඉටු කළ බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

“මහින්ද රාජපක්ෂ එක්ක අපි සන්ධාන ගහපු එක ගැන මේ දෙන්නාම කිව්වා. ඇයි මහින්ද එක්ක අපි සන්ධාන ගැහුවෙ ? මහින්ද එක්ක අපි සන්ධාන ගැහුවෙ මේගොල්ලන්ගෙ එදා නායකයා, රනිල් වික්‍රමසිංහ – අපි එදා කිව්වා දොන් ජුවන් වික්‍රමසිංහ කියලා – එල්ටීටීඊ සංවිධානයත් එක්ක ගිවිසුමක් ගහලා මේ රටේ භූමියෙන් තුනෙන් එකක්, මුහුදෙන් තුනෙන් දෙකක් එල්ටීටීඊ එකට පාවලා දෙන්න හදනකොට, රට පාවලා දෙන්න හදනකොට, අනිත් පැත්තෙන් රිගේනින් ශ්‍රී ලංකා ගෙනල්ලා රට විකුණන්න හදනකොට ඔන්න ඔය රට පාවාදීමට සහ රට විකිණීමට එරෙහිව තමයි අපි එදා මහින්දත් එක්ක ගිවිසුම් ගැහුවෙ”

ප්‍රශ්නය – එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බේරාගැනීම සඳහා කටයුතු කළා ?

“ඔව්, හරි. අපි ඒක අදත් බැහැර කරන්නෙ නැහැනෙ. මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරන්න ඒ දේශපාලන නායකත්වය දුන්නා. අපි ඒක කොහෙවත් නැහැයි කියලා නෑ. අපි එහෙම කුහක නෑ. ඒ වෙනුවෙන් තමයි අපි එදා මහින්දට සපෝට් කළේ. එදා ඔය 2005 නෙ ජනාධිපතිවරණය ආවෙ. ඒ වෙනකොට ඔය සුනාමි අරමුදල ගැන එහෙම ප්‍රශ්න ඇවිල්ලා තිබුණෙ නෑ”

ප්‍රශ්නය – එතකොට කොයි අවුරුද්දෙද සුනාමි අරමුදලෙ ප්‍රශ්නය ආවෙ ?

“සුනාමි ආවෙ 2004 දෙසැම්බර් අග. 2005 තමයි ජනාධිපතිවරණය තිබ්බෙ. ඒ වෙනකොට ඔය සුනාමි අරමුදලෙන් මහින්ද හොරකම් කළා කියලා කොහෙවත් මතුවෙලා තිබ්බෙ නෑ”

අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.

කෙසේවෙතත් ඒ මහතා පැවසූ කරුණක් සාවද්‍ය වන අතර 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මොහොත වනවිට “හෙල්පින් හම්බන්තොට” සුනාමි සහන අරමුදල සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබිණි. ඒ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ එම චෝදනා එල්ල කරන අය දේශද්‍රෝහීන් වශයෙන් හඳුන්වමින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...