“අපි තමයි හොඳටම කරන්නේ” කිය කියා ආණ්ඩුව රට සම්පූර්ණ අගාධයකට තල්ලු කරලා – හර්ෂ

Date:

වත්මන් ආණ්ඩුව උද්දච්ඡ ලෙස විශේෂඥ උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට රට සම්පූර්ණ අගාධයකට තල්ලු කර දමා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“බැංකු එච්චරටම අසරණ තත්වයට පත්වෙලා, වෙන කොහෙන්වත් ඩොලර් ගන්න හැකියාවක් නැති නිසා කියනවා ස්වොප් එකට එකඟ වෙන්නම්, 200ක් මම අද දෙන්නම් ඔබ මට දෙන ඩොලර් එකට, නමුත් මාසෙකින් මම ඒ ඩොලර් එක නැවත ඔබට දෙනකොට ඔබ මට දෙන්න ඕනෙ 192.25යි කියලා. ඒ කියන්නෙ වාර්ෂික ගණන් තියලා බැලුවොත් එහෙම අද ඩොලර් ණයට ගන්නෙ 40% – 45% කට වගේ පොලියකට. ඒක තමයි ඇත්ත කතාව.

31 වෙනිදා වෙනකල් කොහොමහරි මේ රුපියල මිනිස්සුන්ට දසවධ දීලා හරි මේ ගාණට තියන් ඉන්නවා, දත්ත ටික බැලන්ස් කරගන්න. ඒ කියන්නෙ රුපියල අද පා කරෝතින් එහෙම 230 – 240 ට ගියෝතින් එහෙම මේගොල්ලොන්ගෙ ආර්ථික වර්ධන වේගය, උද්ධමනය, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය, මේ ඔක්කොම බහිනවා, වැරදි පැත්තට ගමන් කරනවා. දැන් අපට ඉඟියක් ලැබෙනවා ජනවාරි 03 වෙනිදාට සාකච්ඡා කරනවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද කියන එක ගැන.

මේ තීරණ ආණ්ඩුවට ගන්න තිබුණේ හරියටම මාස 13කට කලින්. ඒගොල්ලො කිසි විදියකටවත් උපදෙස් ගත්තෙ නෑ විශේෂඥයින්ගෙන්. කෘෂිකර්මයෙත් එහෙමයි, සෞඛ්‍යයෙත් එහෙමයි, ආර්ථිකයෙත් එහෙමයි, හැම තැනම එහෙමයි. තමන්ගෙ උද්දච්ඡකමට, තමන් සියල්ල දන්නවා, අපි තමයි හොඳටම කරන්නෙ කියලා කියලා දැන් මේ රට සම්පූර්ණ අගාධයකට තල්ලු කරලා දාලා තියෙන්නෙ. කරුණාකරලා දැන්වත් විශේෂඥ උපදෙස් අනුව වැඩ කරන්න”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...