කරන්න බැරි දේවල් කියන එකක් නෑ වහාම IMF යන්න – රනිල් යළි අවධාරණය කරයි

Date:

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින රටවල් හයක් මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගොස් සිය අර්බුද විසඳා ගැනීම සඳහා සහාය ලබාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම කිසිදු රටකට අහිතකර හෝ ඉටුකළ නොහැකි කොන්දේසි පනවා නොමැති බවයි එජාප නායකයා අවධාරණය කරන්නේ.

ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහාද IMF හමුවට යාම හැර වෙනත් කිසිදු විකල්පයක් ඉතිරි වී නොමැති බව ඔහු පෙන්වා දෙනවා. මීට පෙර අවස්ථා කිහිපයකදීද එජාප නායකයා ප්‍රකාශ කර තිබුණේ වහාම IMF හමුවට ගොස් ඩොලර් අර්බුදය විසඳා ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකාව සඳහා ණය ආධාර ලබාදීමේදී ඉටුකළ නොහැකි හෝ අහිතකර කොන්දේසි ඉදිරිපත් වනු ඇතැයි නොසිතන බවද වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ වනවිට රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා හෝ ප්‍රමාණවත් ඩොලර් සංචිත ශ්‍රී ලංකාව සතුව නොමැති අතර ඉන්ධන සඳහා සහනයක් ලබා ගැනීමට ආණ්ඩුව දැරූ සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී තිබෙනවා. මේ නිසා IMF හමුවට යාම හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවයි එජාප නායකයා අවධාරණය කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...