දවස් 20න් පොල්, වී හදන්න බෑ. අපි හාල් ටොන් 65,000 කට වඩා රටින් ගෙනාවා – ඇමති නලින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය පාලකයින් විසින් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වට්ටමින් සිදුකළ අකටයුතුකම් තමන්ට සතියකින් දෙකකින් ආපසු හැරවීමට නොහැකි බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

“පහුගිය කාලය ඇතුළත රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වට්ටලා කරපු දේවල් ටික අපට සතියකින් දෙකකින් ආපහු හරවන්න බෑ. දවස් 14කින් 20කින් පොල් ලංකාවේ හදන්න බෑ. වී එහෙම හදන්න බෑ. මොකද වී වෙළඳපොලේ විශාල ඒකාධිකාරියක් තුන් දෙනෙක්ගෙ මත ගොඩනැගිලා තියෙනවා. ඒක බිඳින්න නම් රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ඕනෙ. ලබන අවුරුද්දේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා කෝටි 3,000ක වගේ මුදලක වී මිලදී ගන්න දැන් සැලසුම් කරලා තියෙනවා. හැබැයි අපි දැන් මෙට්‍රික් ටොන් 65,000කට වඩා පිටරටින් හාල් ගෙන්නලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව ප්‍රශ්නවලින් මඟහැරලා යන්නෙ නෑ. ආණ්ඩුව අනිවාර්යයෙන් කෙටිකාලයකින් මැදිහත් වෙනවා, මේ ප්‍රශ්නය අපි විසඳනවා”

නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (දෙසැම්බර් 24) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...