දවස් 20න් පොල්, වී හදන්න බෑ. අපි හාල් ටොන් 65,000 කට වඩා රටින් ගෙනාවා – ඇමති නලින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය පාලකයින් විසින් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වට්ටමින් සිදුකළ අකටයුතුකම් තමන්ට සතියකින් දෙකකින් ආපසු හැරවීමට නොහැකි බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

“පහුගිය කාලය ඇතුළත රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වට්ටලා කරපු දේවල් ටික අපට සතියකින් දෙකකින් ආපහු හරවන්න බෑ. දවස් 14කින් 20කින් පොල් ලංකාවේ හදන්න බෑ. වී එහෙම හදන්න බෑ. මොකද වී වෙළඳපොලේ විශාල ඒකාධිකාරියක් තුන් දෙනෙක්ගෙ මත ගොඩනැගිලා තියෙනවා. ඒක බිඳින්න නම් රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ඕනෙ. ලබන අවුරුද්දේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා කෝටි 3,000ක වගේ මුදලක වී මිලදී ගන්න දැන් සැලසුම් කරලා තියෙනවා. හැබැයි අපි දැන් මෙට්‍රික් ටොන් 65,000කට වඩා පිටරටින් හාල් ගෙන්නලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව ප්‍රශ්නවලින් මඟහැරලා යන්නෙ නෑ. ආණ්ඩුව අනිවාර්යයෙන් කෙටිකාලයකින් මැදිහත් වෙනවා, මේ ප්‍රශ්නය අපි විසඳනවා”

නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (දෙසැම්බර් 24) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...