ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළු 10 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළු, පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අද (26) අලුයම එල්ල වූ ප්‍රහාර වලන් බව පැවසේ. තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් සඳහන් වේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ප්‍රහාරවලින් හානි වූ ගොඩනැගිලි සුන්බුන් ආශ්‍රිතව ද බොහෝ පිරිසක් සිරවී සිටින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි. මාධ්‍යවේදීන් පස්දෙනා මියගොස් ඇත්තේ, මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් හි අල්-අව්ඩා රෝහල ආසන්නයේදී බව සඳහන් වේ.අදාළ මාධ්‍යවේදීන් පිරිස නුසෙරාට් කඳවුර තුළ සිට වාර්තා කිරීමට පැමිණි ‘Al-Quds Al-Youm’ රූපවාහිනි සේවයේ පිරිසක් බව පලස්තීන මාධ්‍ය වාර්තාවන්ට අනුව පෙන්වා දේ.

තම ගුවන් හමුදා වාහනයට “ඉලක්කගත ආකාරයෙන්” ප්‍රහාර එල්ල කළ බවත්, ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමී කණ්ඩායමේ සාමාජිකයන් එහි සිටි බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව සඳහන් කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...