ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW :

අද (26) දින නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ අසූ හයක් වටිනා භාණ්ඩ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්, අත් අඩංගුවට ගෙන ඇත.

ඒ උත්සව සමය ඉලක්ක කරගනිමින් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.

සැකකරුවන් තිදෙනා අතරින් එක් අයෙකු 58 හැවිරිදි වියේ පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

අනෙක් දෙදෙනා 38 හැවිරිදි වියේ පසුවන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙක් බව සඳ්හන් වේ.

සැකකරුවන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 44,000ක් අඩංගු දුම්වැටි කාටූන් 220ක් , විදේශීය මත්පැන් බෝතල් 19ක් , රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන , සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොමැති ” කොලැජන් ” පැකැට් 430ක් සහ තවත් පාවහන් සහ වෙළෙද භාණ්ඩ රාශියක් ද රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...

සුව ඇමති හමු වූ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි Trinh Thi Tam!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...