ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW :

අද (26) දින නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ අසූ හයක් වටිනා භාණ්ඩ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්, අත් අඩංගුවට ගෙන ඇත.

ඒ උත්සව සමය ඉලක්ක කරගනිමින් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.

සැකකරුවන් තිදෙනා අතරින් එක් අයෙකු 58 හැවිරිදි වියේ පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

අනෙක් දෙදෙනා 38 හැවිරිදි වියේ පසුවන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙක් බව සඳ්හන් වේ.

සැකකරුවන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 44,000ක් අඩංගු දුම්වැටි කාටූන් 220ක් , විදේශීය මත්පැන් බෝතල් 19ක් , රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන , සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොමැති ” කොලැජන් ” පැකැට් 430ක් සහ තවත් පාවහන් සහ වෙළෙද භාණ්ඩ රාශියක් ද රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙන බව සඳහන් වේ.