ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

Date:

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ කලාපයේ ජ්‍යෙෂ්ඨ නායකත්ව අත්දැකීම් ඇති දෙස් විදෙස් කීර්තිමත් ව්‍යාපාරිකයකු වන ජොන්ස්ටන් ඇන්තනී ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ (ICC – Sri Lanka ) සභාපති පසුගියදා (11) තේරී පත්විය.

කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ජොනි ප්‍රනාන්දු මහතා ඉංජිනේරු, ඉදිකිරීම්, සැපයුම්, ඇසුරුම්කරණය, මුද්‍රණය සහ දේපළ සංවර්ධනය යන ක්ෂේත්‍රාශ්‍රිත ඔහුගේ පවුලට අයත් සමාගම්වල සම හිමිකරු සහ අධ්‍යක්ෂවරයෙකි.

ඒ මහතා වර්තමානයේ ( Peoples Insurance plc ) පීපල්ස් ඉන්ෂුවරන්ස් හි විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ශ්‍රී ලංකා මුද්‍රණ මාධ්‍ය ඇකඩමියේ සභාපතිවරය ලෙස කටයුතු කරයි.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් (Peoples leasing & Finance plc) පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් (Peoples Alilance Leasing & Finance plc – Bangladesh ) එලායන්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් (බංග්ලාදේශය) වැනි සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු දැරූ ඔහු ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ද විය.

BCI කැම්පස්, කොළඹ කතෝලික මුද්‍රණාලය, ශ්‍රී ලංකා ජාතික රෝහල යන ආයතන වල උපදේශක සහ පාලන සාමාජිකයෙකු ලෙස ද ජොනී ප්‍රනාන්දු මහතා සේවය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...