Friday, March 31, 2023
spot_img

Latest Posts

දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම සේවාවලින් ඉවත්වීමේ තීරණයක. හෙට කෝච්චි නවතින ලකුණු !

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය සේවාවලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබේ.

තම ඉල්ලීම් ඉටු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම තුළ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තමන් තීරණය කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ.

මේ වනතෙක්ම දින කිහිපයක් තිස්සේ මගීන්ට අපහසුතාවක් නොවන අන්දමින් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගය කරගෙන ගියත් දුම්රිය පාලනාධිකාරිය තම ඉල්ලීම් ඉදිරියේ ලිස්සා යෑමට කටයුතු කරමින් සිටින නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට මගීන් වෙනුවෙන් අවශ්‍ය අවම දුම්රිය ප්‍රමාණය හෝ ධාවනය කිරීමට තමන් සූදානම් නොමැති බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් මගීන් පත්වන අපහසුතාවය පිළිබඳ තමන් කණගාටුව ප්‍රකාශ කරන බවත් ඒ මහතා පැවසීය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.