ආර්ථික අර්බුදයේදී පවා ගොවියාට සහන සලසන අපේ ජනපති

Date:

ලංකාවෙ අපි හැමදාම කථා කරන්නෙම වී වගා කරන ගොවිය සහ එලවළු වගා කරන ගොවියා ගැන විතරමයි. අපි කන ආහාර වේලක අඩංගු ප්‍රධානම දේවල් වෙන්නෙ ඒව නිසා අපි ඒගැන විතරක් කතා වෙනව ඇති. අමතක කරන්න නරකයි වෙනත් භෝග වගා කරන ගොවියොත් අපේ රටේ ඉන්නව කියල. මේ එහෙම කථාවක අඩංගු දෙයක්. පුත්තලම දිස්ත්‍රික්කයේ යල සහ මහ කන්නවල වී අස්වැන්න නෙළා ගත් පසු ඉපනැල්ලේ අක්කර 1,000ක සිදු කළ මුං වගාවෙන් ලබා ගත් මුං මෙට්‍රික් ටොන් 2,000ක අස්වැන්නක් සතොස ආයතනයට අඩු මුදලට දීමට රජය පියවර ගෙන තියෙනව කියන වාර්තාවක් අපිට ලැබිල තියෙනව. විය යුතුම දෙයක් කියල තමා අපේ නම් අදහස. මෙන්න ඒ කාරණේ අඩංගු දේවල්.

කාබනික පොහොර හෝ භාවිත නොකරමින් මෙලෙස යල සහ මහ කන්න දෙක අතර පැවති මාස දෙකක කාලයකදී ඉපැනැල්ලේ කළ මුං වගාව ගොවියාට සහන දීමට මහා භාණ්ඩාගාරයේ මුදල් යොදවමින් මුං කිලෝවක් රුපියල් 455ට මුං ගොවීන්ගෙන් මිලදී ගත් බව
එය සතොස ආයතනයට රුපියල් 200ක මුදලකට අලෙවි කළ බව
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මුං ගොවියාට සහන දීමට යොමු කෙරුණේ මහා භාණ්ඩාගාරයේ මුදල් බව
සතොස ආයතනය මුං කිලෝවක් රුපියල් 225ට අලෙවි කරන බව
පුත්තලම දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය ද සාර්ථකව කෙරෙන බව
අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා කාබනික පොහොර සහ දියර නිෂ්පාදනය කළ බවත් පොහොර අතිරික්කයක් ද පවතින බව
රටේම ආර්ථිකය අඩපණ වෙලා තියෙද්දිත් මේවගේ දේවල් වෙනව කියල කවුරුත් දන්නෙ නෑ. අර ෆස්ට් නිව්ස් වල මේව කියවෙන්නෙත් නෑ. ඒගොල්ලො කොහොමත් බලන් ඉන්නෙ රටට කෙලවෙනකන් කියල කවුරු නොදන්නව වුණාට අපි නම් හොදටම දන්නව. ඔය කියන ෆස්ට් කට්ටිය තමා කාබනික පොහොර ගොවියට එපා කරවන්න මෙහෙවයපු රසායනික පොහොර මාෆියාව. රටේ ප්‍රශ්ණ තියාගෙන වුණත් අපේ ගොවියන්ට සලසන සහනය මේ විදියට අපි පල කලේ නැත්නම් අපි කෙලෙහිගුණ දන්නෙ නැති මිනිස්සු වෙනව කියල අපි දන්නව. අවුරුදු දෙකකට ආසන්න වකවානුවක් අපි කොරෝනා නිසා දුක් වින්ද. හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනව කියල අපි හැමෝම දන්නව. මොන ප්‍රශ්ණ තිබුණත් අපි අතිසාර්ථක එන්නත්කරණයක් කලා කියල මුළු ලෝකෙම දන්න දෙයක්. ඒත් ඒක පිලිගන්නෙ නැති කුහකයො තාමත් අපේ රටේ ඉන්නව.

අඩපණ වෙලා තිබ්බ සංචාරක කර්මාන්තය ආපහු නැගිටගෙන එනව. ඒ වගේම අපේ අපනයන කර්මාන්තයෙත් පිබිදීමක් වෙලා කියල තමා සංඛ්‍යා ලේඛණ අපිට කියන්නෙ. මේ ඔක්කොම සලකද්දි අපිට ස්ථීරයෙන්ම කියන්න පුළුවන් එලඹෙන 2022 අපිට වාසනාවන්ත අවුරුද්දක් වෙනව කියල. අපි කියන්නෙ ඒගැන කිසිම සැකයක් තියා ගන්න එපා කියල. මොකද ගෝඨාභය කියන්නෙ බැරි දේවල් පොරොන්දුවෙන්නෙ නැති නායකයෙක් කියල මේ අවුරුදු දෙකට ඔප්පු කරල තියෙනව.
ඉතින් අපි නිහඩව ඒවෙනුවෙන් බලා ගෙන ඉමු.

යූ. ඩී Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...