මේ ආණ්ඩුවට IMF යන්න බැරි ඇයි – හේතු පැහැදිලි කරමින් මෛත්‍රීගෙන් දැඩි ප්‍රහාරයක් (VIDEO)

Date:

මෙරට වංචාව, දූෂණය, නාස්තිය, අක්‍රමිකතා සහ බලය ඉතාම කීපදෙනෙක් අත පැවතීම යන බරපතළ කරුණු හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කිසිවෙකුත් උදව් නොකරන තත්වයක් උද්ගතව ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“දැන් හුඟදෙනෙක් IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) යන්නෙ නැත්තෙ ඇයි කියලා අහනවා, මේ රටේ ආර්ථික අර්බුදය විසඳාගන්න යම්කිසි සහනයක් එතනින් හම්බුවෙයි කියලා. ආණ්ඩුවේ බලවතුන් කියනවා නෑ, අපි IMF යන්නෙම නෑ කියලා. මම අවුරුදු පහට මාස එකහමාරයි අඩු ජනාධිපතිවරයා විදියට, ඒ අවුරුදු පහට මාස එකහමාරක් අඩු මුළු කාලයම මම වැඩ කෙරුවේ IMF එකත් එක්ක.

IMF එක මට බරපතළ කොන්දේසි දැම්මෙ නෑ. ඒ හැම ආයතනයක්ම උදව් කරන්නෙ මිත්‍රවරුනි, ඒ රටේ රාජ්‍ය පාලනයේ ස්වභාවයටයි. දැන් මම දන්නවා මට කොහෙත්ම IMF එක දාපු කොන්දේසි මේ ආණ්ඩුවට දාන බව. මොකක්ද ඒකට හේතුව ? ඒගොල්ලන් අපේ රට නෙවෙයි අනිත් රටවල්වලටත් ආධාර දෙන්න ඒ ගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද, ඒ රටේ මානව හිමිකම් රැකෙනවාද, ඒ රටේ නීතිය හා සාමය අපක්ෂපාතීද, ඒ රටේ අධිකරණය ස්වාධීනද, ඒ රටේ පොලිසිය ස්වාධීනද කියන ඒවා.

දැන් අපි දකිනවානෙ සියලු නඩු නිදොස්කොට නිදහස් වෙනවා. දැන් ඕවා තමයි ජාත්‍යන්තරය බලන්නෙ. අපට ලකුණු හම්බුවෙන්නෙ ඕවාට තමා … කවුද අපිව බේරාගන්නෙ ? අපිව බේරාගන්න එන්නෙ, අපි සැබෑ මිනිස්සු නම් අපිව බේරාගන්න එයි. ඉතාම නරක තැනක අපි ජීවත් වෙන්නෙ. මේ රටේ වංචාව, දූෂණය, නාස්තිය, අක්‍රමිකතා සහ බලය ඉතාම කීපදෙනෙක් අත පැවතීම කියන බරපතළ කරුණු ගත්තාම අපට ගොඩ එන්න කවුරුවත් සලකන්නේ නැත ! අපි කොච්චර කෑගැහුවත් අපිව බේරගන්න කියලා, ඒක තමයි ඇත්ත තත්වය”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති ශ්‍රීලනිප කෝට්ටේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...