ජනතාවට අවශ්‍ය භාණ්ඩ සියල්ලම අරන් ඇවිල්ලා තියෙන්නෙ. මොනවත් හිඟයක් නෑ ! – ඇමති එස්. එම්. (VIDEO)

Date:

ජනතාවට අවශ්‍ය සියලුම භාණ්ඩ රටට ආනයනය කර ඇති අතර කිසිදු භාණ්ඩ හිඟයක් රට තුළ නොමැති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

“ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමතිතුමා, අපි කැබිනට් එක මේ ප්‍රශ්නවලින් මඟහැරලා යන්නෙ නෑ. අපි පුළුවන් තරම් හොඳින් කළමනාකරණය කරලා මේ ප්‍රශ්නවලට මුහුණ දීලා, මේ 2022 එන වර්ෂය අපේ මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන වර්ෂය හැටියට සලකලා රටත් ගොඩගන්නවා.

කන්ටේනර්වල ප්‍රශ්නය ඔය 1500ක් කිව්වට වැඩි ප්‍රමාණයක් අපනයන භාණ්ඩ අරන් යන ඒවා තියෙන්නෙ. එව්වත් එක්ක එකතු කරලා තමයි ඔය කියන්නෙ.

කෙසේවෙතත් රටට අවශ්‍ය බඩු ටික අපි අරන් ඇවිල්ලා තියෙනවා. මොනවත් හිඟයක් නෑ. හිඟයක් නෑනෙ කිසිම දෙයක් ? සීනිද, පරිප්පුද, අලද, ඒවා ඔක්කොම තියෙනවා වෙළඳපොලේ. මිල ගණන් ටිකක් ඉහළ ගිහිල්ලා තියෙනවා මේ ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගිහිල්ලා තියෙන නිසා, හැම භාණ්ඩයකම මිල ඉහළ ගිහිල්ලා තියෙනවා”

ප්‍රශ්නය – ජනතාවට අමාරුයි කියලා තේරෙන්නෙ නැද්ද ?

“අමාරුයි, අමාරුයි. බම්බුවයැයි ? අපි දන්නවා අමාරුයි කියලා. දැන් ඒ අමාරුවට විසඳුම් දීගෙන යනවා ඒ අමාරුවෙන් ගොඩවෙන්න. අමාරුයි, අපි දන්නවා”

අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...