දුම්රිය වර්ජනය තවත් දැඩි කරයි – ඉන්ධන සිමෙන්ති ප්‍රවාහනයත් ඇණහිටී

Date:

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින්ද ඉවත්වීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද පැවති සාකච්ඡාවද අසාර්ථක බවත් ඒ අනුව වර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කළ බවත් දුම්රිය ස්ථානාධිපතිවරන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.

පසුගිය 21 වැනිදා ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හා පාර්සල් බාර ගැනීම අත්හිටුවා ඇති අතර මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමි වන ආදායම මිලියන 09 කට ආසන්න වේ. ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහනයද අත්හිටුවීමෙන් එම පාඩුව තවදුරටත් ඉහළ යනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...