ණය ගැන සෙවීමට බය වූ අය එය වැළක්වීමට මුල් පුටුවට ඒමේ උත්සාහයක

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 27,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ ගිණුම ණය බරින් පිරවීමට කටයුතු කළ අය මේ මොහොතේ තමන්ගේ එදිරිවාදිකම් පසෙක තබා,තමා මුල් පුටුවට පැමිණ,ඔවුන්ට ද ඉහළ තනතුරු ලබා දෙන්නට සූදානම් බව කියමින් ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ මුල් පුටුවට ඒමට උත්සාහ කරන බවට තොරතුරු වාර්තා වෙයි.


අලුතින් පත්වන පරිපාලනය මේ දක්වා ශ්‍රී ලංකා රගර් හී වැරදි මූල්‍යමය කටයුතු ගැන පරීක්ෂණයක් කළ යුතුව ඇතැයි,අප වෙබ් අඩවිය ඇතුළු තවත් මාධ්‍ය ගණනාවක් ද,පුරවැසියන් ද,විශ්වාස කරන තැනකට පැමිණ ඇත.එසේම ශ්‍රී ලංකා රගර් වෙත ජාත්‍යන්තරය නියම කළ දඩයට වගකිව යුතු නිලධාරීන් එම දඩය ලංකාවේ රගර් සංවර්ධනයට වැය කළ යුතු මුදලින් ගෙවීම නිසා ලංකාවෙ රගර් ක්‍රීඩාවට සිඳු වූ හානියට ඔවුන්ට දඩුවම් පැමිණීම සහ එම මුදල් අය කර ගැනීමට යෝජනා කිරීම වැනි චෝදනා පත්වන පරිපාලනයක් විසින් ගත යුතුව ඇතැයි යන පෙළඹීම නිසා එම වැරදිවලට වගකිව යුතු පිරිස් රගර් හී බලය තමන් සතු කර ගනිමින් එම වැරදි වසා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව එම තොරතුරු පෙන්වා දෙයි.


රගර් හී බලය ස්ථාපිත කිරීමට අවශ්‍යය ඡන්ද ලබා ගැනීම පැවරී ඇති පිරිස අත මේ මොහොත වන විට අතීත වැරදිවලට දඩුවම් කර වඩාත් ශුද්ධ වූ සහ නිර්භීත පරිපාලනයක් ඇති කිරීමට අවශ්‍යය වගකීම ඉටු කිරීම රැදී පවතියි.එයින් මිදීම සඳහා අශුද්ධ කොටස් තමන් විසින් ඇතැම් රගර් ක්‍රීඩා සමාජවලට විරුද්ධව ක්‍රියා කළ ලැජ්ජා නැති ආකාරය පවා නොසළකමින් මේ මොහොතේ තමන් ඉදිරිපත්වන බවත් ඒ අයටද ඉහළ තනතුරු ලබා දිය හැකි බවත් කියමින් සහයෝගය ඉල්ලමින් සිටින බව දැන ගන්නට ඇත.මිට පෙර අවස්ථාවකද එවැනි අය ඡන්දය ඉල්ලීමට නාම යෝජනා දීමට සූදානම් වුව ද,එය යෝජනා කර ස්ථීර කිරීමට පවා ක්‍රීඩා සමාජ දෙකක් සොයා ගැනීමට නොහැකි වූ බව ද එම වාර්තා අනාවරණය කරයි.


මෙහිදී වත්මන් අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ද විශාල අවබෝධයකින් සිටින නිසා පත්වන රගර් පරිපාලනය අතීතයට බලපාන පරිදි වැරදිකරුවන් සම්බන්ධයෙන් කරනු ඇතැයි සිතන පරීක්ෂණවලදි බලපෑම් නොකරනු ඇතැයි පැහැදිළි විශ්වාසයක් දකින්න තිබීමද අශුද්ධ කොටස්වල තැති ගැන්මට හේතුවි තිබේ. ඒ නිසා අමාත්‍යංශයේ හෝ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ද කුමන තත්ත්වයකදී හෝ මේ සම්බන්ධයෙන් පක්ෂග්‍රාහීව මැදිහත්වීමට ඉඩක් නැත.අනුබලයක් හෝ ආශිර්වාදයක් නැත.


මෙවැනි තත්ත්වයකදි රගර්වලට ආදරේ ඇති පිරිස් කවුරුන්ද යන්න හඳුනාගැනීම සඳහා පහසු පරීක්ෂණයකට ඉබේම ඉඩකඩ විවර වී තිබීම ද විශේෂත්වයකි.ක්‍රීඩාවට හානිකර පුද්ගලයින් තෝරා ඒ අය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම,දඩුවම් කිරීම වැනි කාරණාවලට එකඟ වෙනවාද,එසේත් නැතිනම් එම චෝදනාලාබීන්ට බලය ලබා දී වැරදි සෝදා ගන්නට ඉඩ ලබා දෙනවාද යන්න මත සැබෑ රගර් ප්‍රේමීන් හඳුනා ගැනීමේ හැකියාව උදා වී ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...