විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ (LNW):

අද (27)දින විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම ආරම්භ වෙයි.

අද දින පළමු සැසිය මධ්‍යම පළාතෙන් ආරම්භ කරන අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු ඇති අතර, නව වසරේ මුල් මාස 06ක කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යායුතු බවට පසුගියදා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ප්‍රතියෝජනා ඉදිරිපත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර තිබුණේ සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාව පවතින බවය.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම පසුගිය 17වනදා සිට සිදු කෙරුනු අතර අද දිනයේ සිට පළාත් 9ය ආවරණය වන පරිදි ජනවාරි මස 10වනදා දක්වා වාචික අදහස් ලබාගැනීමට කටයුතු යොදා තිබේ.ඒ අනුව ජනතාවට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීම  සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ 0772 943 193 දුරකථන අංකය අමතා ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසීය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසූවේ, වාචික සහ ලිඛිත අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සිය අවසන් වාර්තාව ජනවාරි මස 17 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...