*
Saturday, December 28, 2024
spot_img

Latest Posts

මන්මෝහන් සිං ඉන්දියාවේ ප්‍රධාන ලිබරල්කරණ ප්‍රතිසංස්කරණවල නිර්මාණ ශිල්පියා ලෙස පිළිගැනේ

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 92 කි.

සිං ඉන්දියාවේ දීර්ඝතම අගමැතිවරයෙකු වූ අතර ඔහු 2004-2014 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙසත් ඊට පෙර මුදල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය. ඔහු එරට ප්‍රධාන ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණවල නිර්මාණ ශිල්පියා ලෙස සැලකේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමෙන් පසු ඔහු දිල්ලි අගනුවර රෝහලකට ඇතුළත් කර සිටියේය.

සිං ජවහර්ලාල් නේරුගෙන් පසු පූර්ණ පළමු ධුර කාලයෙන් පසු නැවත තේරී පත් වූ පළමු ඉන්දීය නායකයා වූ අතර රටේ ඉහළම තනතුර දැරූ පළමු සික් ජාතිකයා විය.

සික් ජාතිකයන් 3000ක් පමණ ඝාතනය වූ 1984 කැරැල්ල සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.

නමුත් ඔහුගේ දෙවන ධුර කාලය පරිපාලනයට බාධා කළ දූෂණ චෝදනා මාලාවකින් විනාශ විය. 2014 මහ මැතිවරණයේදී ඔහුගේ කොංග්‍රස් පක්ෂය ලැබූ දරුණු පරාජයට මෙම අපකීර්තිය අර්ධ වශයෙන් වගකිව යුතු බව බොහෝ දෙනා පවසති.

සිං උපත ලැබුවේ 1932 සැප්තැම්බර් 26 වන දින, නොබෙදුණු ඉන්දියාවේ පන්ජාබ් පළාතේ ජලය සහ විදුලිය යන දෙකම නොමැති පාළු ගම්මානයක ය.

පන්ජාබ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසු ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබා ගත්තේය.

කේම්බ්‍රිජ් හි අධ්‍යාපනය ලබන අතරතුර, මූල්‍ය අගහිඟකම් සිංට බාධාවක් වූ අතර, ඔහුගේ දියණිය වන දාමන් සිං ඇගේ දෙමාපියන් පිළිබඳ ලියන ලද පොතක ඒ බව සඳහන් කර ඇත.

b3183620 18cf 11ef a806 31280dfedfab.jpg                   සිං බොහෝ විට හැඳින්වූයේ “අහම්බෙන් පත්වූ අගමැති” යනුවෙනි.


“ඔහුගේ ටියුෂන් සහ ජීවන වියදම වසරකට පවුම් 600 ක් පමණ වුණා. පන්ජාබ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වය ඔහුට පවුම් 160 ක් පමණ ලබා දුන්නේය. ඉතිරිය සඳහා ඔහුට ඔහුගේ පියාගෙන් යැපීමට සිදු විය. මන්මෝහන් ඉතා අල්පේච්ඡ ලෙස ජීවත් වීමට පරෙස්සම් විය. භෝජන ශාලාවේ සහනාධාර ආහාර වේල ඔහුට ලාභදායී විය.”

දාමන් සිං තම පියා ගැන සිහිපත් කළේ “නිවසේ කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඈත්වූ, බිත්තරයක් තම්බා ගැනීමට හෝ රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමටවත් නොහැකි වූ” අයෙකු ලෙසය.


සම්මුතිය ගොඩනඟන්නා


1991 දී ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස මංමෝහන් සිං දේශපාලනයේ ප්‍රසිද්ධියට පත් වූ අතර රට බංකොලොත් භාවයට ඇද වැටෙමින් තිබියදී රට භාර ගත්තේය.

ඔහුගේ අනපේක්ෂිත පත්වීම තුළින් අධ්‍යයන හා සිවිල් සේවකයෙකු ලෙස දිගු හා කීර්තිමත් වෘත්තිමය ජීවිතය සීමා විය – ඔහු රජයේ ආර්ථික උපදේශකයෙකු ලෙස සේවය කළ අතර ඉන්දියාවේ මහ බැංකුවේ අධිපතිවරයා බවට පත්විය.

මුදල් අමාත්‍යවරයා ලෙස ඔහුගේ මංගල කතාවේදී ඔහු වික්ටර් හියුගෝ උපුටා දක්වමින් ප්‍රසිද්ධියේ කියා සිටියේ “පෘථිවියේ කිසිම බලවේගයකට කාලය පැමිණ ඇති අදහසක් නැවැත්විය නොහැකි” බවයි.

එය අභිලාෂකාමී සහ පෙර නොවූ විරූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා දියත් කිරීමක් විය: ඔහු බදු කපා හැර, රුපියල අවප්‍රමාණය කළේය, රාජ්‍ය සමාගම් පෞද්ගලීකරණය කළේය සහ විදේශ ආයෝජන දිරිමත් කළේය.

ආර්ථිකය පුනර්ජීවනය විය, කර්මාන්තය ඉහළ ගියේය, උද්ධමනය පාලනය කරන ලද අතර 1990 ගණන්වල ආර්ථික වර්ධන අනුපාත අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතුනි.



e2006bb0 18cf 11ef a806 31280dfedfab.jpg                 සිං උපත ලැබුවේ වර්තමාන පකිස්ථානයේ ඌන සංවර්ධිත ගම්මානයක් වන ගාහ් හි ය



‘හදිසියේ ධූරයටපත් අහඹු අගමැති’


මන්මෝහන් සිං තමන්ට දේශපාලන පදනමක් නොමැති බව හොඳින්ම දැන සිටි අයෙකි. “රාජ්‍ය නායකයෙකු වීම සතුටක්, නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක රාජ්‍ය නායකයෙකු වීමට නම් ඔබ මුලින්ම මැතිවරණ ජයග්‍රහණය කළ යුතුය,” ඔහු වරක් පැවසීය.

ඔහු 1999 දී ඉන්දියාවේ පහළ මන්ත්‍රණ සභාවට තේරී පත්වීම සඳහා මැතිවරණය තරග කළත් ඔහු පරාජයට පත් විය. ඔහු ඒ වෙනුවට වාඩි වූයේ ඔහුගේම කොන්ග්‍රස් පක්ෂය විසින් තෝරා ගන්නා ලද ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ය.

2004 දී ද එයම සිදු විය, කොංග්‍රස් සභාපතිනි සෝනියා ගාන්ධි ධූරය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සිං ප්‍රථම වරට අගමැති ලෙස පත් කරන ලදී – පෙනී ගිය ලෙසට ඇයගේ ඉතාලි සම්භවය සම්බන්ධයෙන් එල්ල වන හානිදායක ප්‍රහාරවලින් පක්ෂය ආරක්ෂා කිරීම එම තීරණයට හේතු විය. කෙසේ වෙතත්, විවේචකයින් චෝදනා කළේ අගමැති ධුරයේ සැබෑ බල මූලාශ්‍රය සෝනියා ගාන්ධි වූ බවත්, මන්මෝහන් සිං කිසි විටෙකත් සැබවින්ම ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස නොසිටි බවත්ය.


0d7f5e90 18d0 11ef a806 31280dfedfab.jpg                  විවේචකයින් පැවසුවේ සිං සෑම විටම සෝනියා ගාන්ධිට දෙවැනි වූ බවයි


ඇමෙරිකානු න්‍යෂ්ටික තාක්‍ෂණයට ප්‍රවේශය ලබා ගැනීමේ සන්ධිස්ථානාත්මක ගිවිසුමකට අත්සන් කිරීම තුළින් ඉන්දියාව න්‍යෂ්ටික හුදකලාවෙන් පිටතට ගෙන ඒම ඔහුගේ පළමු පස් අවුරුදු ධුර කාලය තුළ ලැබූ විශාලතම ජයග්‍රහණය විය.

නමුත් එම ගිවිසුම හේතුවෙන් ඔහුගේ ආණ්ඩුවට පසුබෑමක් ඇති විය. – ඔහුගේ ආණ්ඩුවේ කොමියුනිස්ට් හවුල්කරුවන් එයට විරෝධය දැක්වීමෙන් පසු ආණ්ඩුවට දැක්වූ සහයෝගය ඉවත් කර ගත් අතර, ඡන්දය මිලදී ගැනීමේ චෝදනා මධ්‍යයේ වෙනත් පක්ෂයක සහාය ලබා ගැනීමෙන් කොන්ග්‍රසයට අහිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව ගොඩනඟා ගැනීමට සිදුවිය.

සම්මුතිවාදී නායකයෙකු වූ සිං සමහර විට දුෂ්කර, දැඩි සහ නොහික්මුණු කලාපීය සභාග මිත්‍ර පාක්ෂිකයින් සහ ආධාරකරුවන්ගෙන් සමන්විත සභාග ආණ්ඩුවක මුලසුන දැරීය.

ඔහුගේ ඒකාග්‍රතාව සහ බුද්ධිය තුළින් ඔහු ගෞරවය ලබා ගත්තද, ඔහු මෘදු හා අවිනිශ්චිත පුද්ගලයෙකු ලෙස කීර්තියක් ද ලබා ගත්තේය. සමහර විවේචකයින් කියා සිටියේ ප්‍රතිසංස්කරණවල වේගය මන්දගාමී වූ බවත් මුදල් ඇමතිවරයා ලෙස ඔහු සතුව තිබූ වේගයම සාක්ෂාත් කර ගැනීමට අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු අසමත් වූ බවත්ය.

324d0fb0 18d0 11ef a806 31280dfedfab.jpg

 සිංගේ පළමු පස් අවුරුදු ධූර කාලය තුළ ලැබූ විශාලතම ජයග්‍රහණය වූයේ එක්සත් ජනපදය සමඟ සුවිශේෂී ගිවිසුමක් අත්සන් කිරීමෙන් ඉන්දියාව න්‍යෂ්ටික හුදකලා බවින් පිටතට ගෙන ඒම ය

 
2009 දී සිං කොංග්‍රසය දෙවන, තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණයක් කරා ගෙන ගිය විට, පක්ෂය “අවස්ථානූකූලව නැඟී සිටින” බවට ඔහු සනාථ කළේය.

නමුත් ඉතා ඉක්මනින් එම කීර්තිය මැකී යන්නට පටන් ගත් අතර ඔහුගේ දෙවන ධූර කාලය තුළ බොහෝ දුරට ප්‍රවෘත්තිවලට තේමා වූයේ ආණ්ඩුවේ වැරදි ක්‍රියා ය:

රටට ඩොලර් බිලියන ගණනක පාඩු කළ බව කියන ඔහුගේ කැබිනට් ඇමතිවරුන් සම්බන්ධ වංචා කිහිපයක්, විපක්ෂය විසින් ඇනහිට වූ පාර්ලිමේන්තුවක් සහ විශාල ප්‍රතිපත්තිමය දුර්වලතා ඒ අතර විය. එය බරපතල ආර්ථික පසුබෑමකට හේතු විය.

ප්‍රතිවාදී BJP පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන එල්.කේ අද්වානි විසින් මන්මෝහන් සිං ඉන්දියාවේ “දුර්වලම අගමැති” ලෙස හඳුන්වා දෙනු ලැබීය.

මන්මෝහන් සිං සිය ධූරය ආරක්ෂා කරමින් කියා සිටියේ තම රජය “රට සහ ජනතාවගේ සුබසාධනය සඳහා උපරිම දායකත්වයෙන් හා කැපවීමෙන්” කටයුතු කළ බවයි.


ප්‍රායෝගික විදේශ ප්‍රතිපත්තිය


සිං ඔහුගේ පූර්වගාමීන් දෙදෙනා විසින් අනුගමනය කරන ලද ප්‍රායෝගික විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය.

ඔහු පකිස්ථානය සමඟ සාම ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේය – මෙම ක්‍රියාවලියට පකිස්ථාන සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් බාධා ඇති වූ අතර එහි කූටප්‍රාප්තිය වූයේ , 2008 නොවැම්බරයේ මුම්බායි ප්‍රහාරයයි.

වසර 40කට වැඩි කාලයක් වසා දමා තිබූ නාතු ලා ප්‍රවේශ මර්ගය ටිබෙටය වෙත යළි විවෘත කිරීමේ ගිවිසුමකට මැදිහත් වෙමින් චීනය සමඟ ඇති වූ දේශසීමා ආරවුල අවසන් කිරීමට ද ඔහු උත්සාහ කළේය.

70f540c0 18d0 11ef a806 31280dfedfab.jpg                 සිං ඔහුගේ දියණිය උපින්දර් සිං සහ ඔහුගේ බිරිඳ ගුර්ශරන් කෞර් සමඟ


මන්මෝහන් සිං ඇෆ්ගනිස්ථානයට මූල්‍ය ආධාර වැඩි කළ අතර වසර 30කට ආසන්න කාලය තුළ එරට සංචාරය කළ පළමු ඉන්දීය නායකයා බවට පත්විය.
ඉන්දියාවේ පැරණි මිත්‍ර රාජ්‍යයක් වන ඉරානය සමඟ සබඳතා අවසන් කිරීමට පෙනී සිටීම හේතුවෙන් ඔහු බොහෝ විරුද්ධ දේශපාලනඥයන් කෝපයට පත් කළේය.


පහළ මට්ටමේ නායකයෙක්



කීර්තිමත් හිටපු ශාස්ත්‍රාලිකයෙකු සහ නිලධාරියෙකු වන ඔහු ස්වයං ප්‍රකට පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ වූ අතර සෑම විටම යටහත් පහත් චරිතයක් ලෙස කටයුතු කළේය.

ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ බොහෝ විට සටහන් වූයේ එතරම් උනන්දුවක් නොදක්වන කරුණු වූ අතර සීමිත අනුගාමිකයින් සංඛ්‍යාවක් එහි සිටියේය.

ඉතාම නිහඬශීලි මිනිසෙකූ වූ නමුත් ඔහුගේ සන්සුන් හැසිරීම තුළින් බොහෝ හදවත් දිනා ගත්තේය.

ඩොලර් බිලියන ගණනක් වටිනා බලපත්‍ර නීතිවිරෝධී ලෙස ලබා දීමට සම්බන්ධ ගල් අඟුරු බලපත්‍ර වංචාව පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු එම ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය නිශ්ශබ්දතාවය ආරක්ෂා කළේ එය “පිළිතුරු දහස් ගණනකට වඩා හොඳ” බව පවසමිනි.



a2e2c710 18d0 11ef a806 31280dfedfab.jpg 2012 වසරේ ගල් අඟුරු බලපත්‍ර ලබාදීමේ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට සිංගේ විරුද්ධවාදීහූ ඔහුට චෝදනා කළහ


2015 වසරේ ඔහුට සාපරාධී කුමන්ත්‍රණ, විශ්වාසය කඩකිරීම සහ දූෂණ සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පිළිතුරු දීමට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබිණි. එහිදී කලබලයට පත් වූ සිං වාර්තාකරුවන්ට පැවසුවේ තමා “නීත්‍යානුකූල පරීක්‍ෂණයට විවෘත” බවත් “සත්‍යය ජයගනු ඇති” බවත්ය.

අග්‍රාමාත්‍යවරයා ධූරය දැරීමෙන් පසුව ද, මන්මෝහන් සිං වයස්ගත වුවද ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ලෙස දෛනික ප්‍රශ්න සමඟ ගැඹුරින් නියැලී සිටියේය.

2020 අගෝස්තු මාසයේදී ඔහු බීබීසීයට විරල සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කියා සිටියේ රටේ ආර්ථිකය අවපාතයකට ඇද දැමූ කොරෝනා වසංගතයේ ආර්ථික හානිය වැළැක්වීම සඳහා ඉන්දියාව “වහාම” පියවර තුනක් ගත යුතු බවයි.

රජය ජනතාවට සෘජු මුදල් ආධාර සැපයීම කළ යුතු බවත්, ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය ලබා දීම සහ මූල්‍ය අංශය සවිමත් කළ යුතු බවත් ඔහු පැවසීය.

ඉන්දියාව ආර්ථික හා න්‍යෂ්ටික හුදකලා බවින් පිටතට ගෙන ඒම ගැන ඉතිහාසය සිං සිහිපත් කරනු ඇති, නමුත් සමහර ඉතිහාසඥයින් යෝජනා කළ හැක්කේ ඔහු කලින් විශ්‍රාම ගැනීමට තිබූ බව ය.

“සමකාලීන මාධ්‍යවලට හෝ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂවලට වඩා ඉතිහාසය මට කාරුණික වනු ඇතැයි මම අවංකවම විශ්වාස කරනවා,” ඔහු 2014 දී සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

සිංට ඔහුගේ බිරිඳ සහ දියණියන් තිදෙනෙක් සිටිති.


BBC සිංහල සේවය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan