උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව හා රුසියාව අතර ගැඹුරු ‘ලේ’ බැඳීමක් ඇති බවත්, යුක්රේන යුද්ධයේදී “ලේ, ජීවිතය සහ මරණය එකම භූමියක බෙදා ගැනීම හරහා රුසියාව සමඟ තම රටේ සබඳතා ශක්තිමත් වූ බවත්,උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙවර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ඊයේ(26) දිනයේදී යොමුකර ඇති අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් කර තිබේ.

රුසියාවේ බටහිර කර්ස්ක් කලාපයේ උතුරු කොරියානු හමුදාව විසින් ඉටු කරන ලද වීරෝදාර භූමිකාව අගය කරමින් සහ දෙරට අතර අනභිභවනීය මිත්‍රත්වය පැහැදිලිව තහවුරු කරමින් ජනාධිපති පුටින් විසින් දෙසැම්බර් 18 වන දින උතුරු කොරියානු නායකයාට අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීමෙන් පසුව කිම්ගේ පණිවිඩය නිකුත්කර තිබේ.

යුක්රේනයට එරෙහි රුසියාවේ හමුදා මෙහෙයුමට සහාය දැක්වීම සඳහා හමුදා යෙදවූ බවත්, එහි සොල්දාදුවන් සටනේදී මිය ගිය බවත් උතුරු කොරියාව අප්‍රේල් මාසයේදී නිල වශයෙන් තහවුරු කළ අතර කොරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) ජනාධිපති කිම්ගේ අදහස් දක්වමින් වැඩිදුරත් සඳහන් කර තිබුණේ, මොස්කව් සහ ප්යොංයැං අතර සබඳතා වර්තමාන යුගයේ පමණක් නොව පරම්පරාවෙන් පරම්පරාවට සදහටම ඉදිරියට ගෙන යා යුතු වටිනා සහෝදර සම්බන්ධතාවක් බවත්, දැන් කිසිවෙකුට දෙරටේ ජනතාව අතර සබඳතා සහ ඔවුන්ගේ එකමුතුකම බිඳ දැමිය නොහැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...