අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW :

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (27) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලීසිය පවසයි.

හිටපු අමාත්‍යවරයා එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් ගැන 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “මාකඳුරේ මදූෂ්” සිදුකළ ප්‍රකාශයක් මත වැලිවේරිය ප්‍රදේශයෙන් සොයා ගැනීමේ සිද්ධියකට අනුව සිදුකරන විමර්ශනවලට අදාලවයි.

එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ අදාළ ගිනිඅවිය හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවයි. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇති අතර, ඒ අනුව හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...