යුක්තිය මෙහෙයුම් ප්‍රථිඵලයක් ලෙස පාතාල නායක හීනටියන මහේෂ්ගේ ගෝලයා ආයුධත් සමඟ කොටුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යුක්තිය මෙහෙයුම යටතේ සිදුකල වැටලීමකදී ඝාතනයක් සදහා සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයකු කටුනායකදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කටුනායක පොලිසිය මගින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 05ක් හමුවී ඇත.

එහිදී පොලිසිය සිදුකල වැඩිදුර ප්‍රශ්න හමුවේ ඔහු හීනටියන මහේෂ්ගේ ගෝලයකු බවටත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුණු බවත් හෙලිදරව් වී ඇත.

මීට අමතරව ඝාතනය කිරීම සදහා භාවිතයට ගැනීමට සිටි මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හා තවත් ජීව උණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ බව වාර්තාඅ වේ.

වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්න්කෝන්ගේ මෙහෙයවීමෙන් සහ මීගමුව කොට්ඨාශය බාර ජේශ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායකගේ අධීක්ෂණයෙන් මෙම වැටලීම සිදු කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...