*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ලංගම ඔන්ලයින් මගී ආසන වෙන් කිරීමේන් රු. කෝටි 3කට ආසන්න ආදායමක් උපයයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරි 2024 වසරේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීමේ සේවාව සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් එක් කිරීමට කටයුතු කරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා පවසයි.

සභාපතිවරයා සඳහන් කළේ, sltb.eseat.lk වෙබ් අඩවිය ඔස්සේ වසරකට අධික කාලයක් සිදු කළ අන්තර්ජාලය ඔස්සේ මගී ආසන වෙන් කිරීමේ සේවාව අති සාර්ථක බවයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා මගී ආසන 80,000ට ආසන්න ප්‍රමාණයක් වෙන් කරගෙන ඇති බවත්, ඊට අදාළව රුපියල් කෝටි තුනහමාරකට ආසන්න ආදායමක් ලංගම උපයා ඇති බවයි.

පසුගිය නත්තල් නිවාඩුව සහිත සතිඅන්තයේ විශාල ඉල්ලුමක් මෙම ආසන වෙන් කිරීමේ සේවාව ඔස්සේ ලැබුණු බව කී ඒ මහතා 1315 අංකය ඔස්සේ ද ආසන වෙන් කිරීමේ පහසුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan