යුක්තිය මෙහෙයුම් ප්‍රථිඵලයක් ලෙස පාතාල නායක හීනටියන මහේෂ්ගේ ගෝලයා ආයුධත් සමඟ කොටුවෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යුක්තිය මෙහෙයුම යටතේ සිදුකල වැටලීමකදී ඝාතනයක් සදහා සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයකු කටුනායකදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කටුනායක පොලිසිය මගින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 05ක් හමුවී ඇත.

එහිදී පොලිසිය සිදුකල වැඩිදුර ප්‍රශ්න හමුවේ ඔහු හීනටියන මහේෂ්ගේ ගෝලයකු බවටත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුණු බවත් හෙලිදරව් වී ඇත.

මීට අමතරව ඝාතනය කිරීම සදහා භාවිතයට ගැනීමට සිටි මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හා තවත් ජීව උණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ බව වාර්තාඅ වේ.

වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්න්කෝන්ගේ මෙහෙයවීමෙන් සහ මීගමුව කොට්ඨාශය බාර ජේශ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායකගේ අධීක්ෂණයෙන් මෙම වැටලීම සිදු කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...