ලොකු ලූණු වගාවට මොකද වෙන්නෙ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නුවරඑළියේ වසන්තීකරණය සඳහා 2024 යල කන්න‌යේදී ලොකු ලූණු වගාව සඳහා ලොකු ලූනු බල්බ කිලෝග්‍රෑම් 75,000ක් යොදා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබේ. මෙමගින් සත්‍ය බීජ කිලෝග්‍රෑම් 75,00ක් ලබා ගැනීමටද බලාපොරොත්තු වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

තවද, ලොකු ලූනු සත්‍යබීජ ලබා ගැනීම සඳහා වසන්තීකරණයට ලක් කිරීම මගින් බල්බවලින් වැඩි මල් ප්‍රමාණයක් හට ගන්වා ගැනීම සඳහා මෙම වසන්තීකරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වේ. සිටුවීමට සති 03කට පෙර සෙන්ටිග්‍රේට් අංශක 10-15 පමණ සිසිල් උෂ්ණත්වයක් යටතේ සති 03ක පමණ කාලයක් බල්බ ගබඩා කර තැබීය යුතුය. එමනිසා ලොකු ලූණු බල්බ වසන්තීකරණයට ලක් කිරීම සඳහා දඹුල්ලේ සිට නුවරඑළියට යොමු කර ඇති බවද සඳහන් වේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම ලොකු ලූණු බීජ මගින් 2024 යල කන්නයේ දී හෙක්ටයාර් 2500ක ලොකුලූනු වගා කිරීමට සැලසුම් කර ඇති බවයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, 2023 යල කන්නයේ ද හෙක්ටයාර් 3500ක ලොකු ලූනු වගා කර තිබුණත් අස්වනු නෙලීමට පෙර එම වගාවන් වැස්සට හසුවීම නිසා නිසි පරිදි අස්වනු ලබා ගැනීමට නොහැකි වූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...