මාතර බන්ධනාගාරයේ රැඳවූවන්ගේ රෝගී තත්ත්වය යහපත් අතට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාතර බන්ධනාගාරයේ සිට මොළේ උණ හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුළත් කළ රැඳවූවන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බව මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා පවසයි.

මෙම රෝගී තත්ත්වය මොළේ උණ (MENINGITIS) බවට වෛද්‍යවරු සැක කළ අතර පසුගියදා (22) රෝගීන් අට දෙනකු රෝහල්ගත කළ අතර ඉන් එක් රෝගියකු මිය ගියේය. ඉන්පසු පසුගියදා (23) ද තවත් රෝගීන් නව දෙනකු රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මෙසේ ඇතුළත් කළ රෝගීන් තිදෙනකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන් බව වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා පැවසීය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා පැවසූවේ, වමනය, උදරයේ වේදනාව, හිසරදය, බඩඑළිය යෑම හා උණ යන රෝග ලක්ෂණ මෙම රෝගීන්ගෙන් දක්නට ලැබුණු බවත් රෝගීන්ගෙන් ලබාගත් සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කර ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවයි.

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ රෝගීන් තිදෙනා තවදුරටත් එහි ප්‍රතිකාර ලැබූව ද ඔවුන්ගේ තත්ත්වය යහපත් බවත්, අද (27) දිනයේ වාට්ටු හා අදාළ ඒකක භාර විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ඔවුන්ගේ නිගමන අනුව සාමාන්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ගන්නා රෝගීන් රෝහලින් පිටත් කර හැරීමට හැකිවනු ඇති බව ද ඔහු කියා සිටී.

මාතර බන්ධනාගාරයේ ද තත්ත්වය ඊයේ (26) වන විට සාමාන්‍ය අතට හැරී ඇති අතර 23 වැනිදායින් පසු කිසිදු රෝගියකු වාර්තා වී තිබුණේ නැත් බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාෆ්ස් ගෑස් සමාගමේ ලොක්කන්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් අද (16)...

බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – වැසි තත්වයේ වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක...

දේශපාලනයෙන් පස්සෙත් යන්න තැනක් තිබීම ….

කංචන විජේසේකර ඇත්තටම අපි දැනගත්තේ ගෝඨාගේ පාලන කාලයේ නෙවෙයි....

නැවෙන් බාන ගාණට දුන්නොත් ඔයිටත් වඩා තෙල් මිල වැඩිවෙනවා – ඇමති TB

රජය ජනතාවට ඉන්ධන ලබාදෙන්නේ නැවෙන ගොඩබාන මිලටත් වඩා අඩුවෙන්...