කොළඹ LNW:අයවැය මඟින් වැට් බදු 18%කින් ඉහළ දැමීමට විරෝධය පළකරමින් හෙට (28) දින වරාය සේවක වෘත්තීය සමිති එකතුව විසින් එක් දින අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් සහ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
සහන කිසිවක් නොමැති මෙලෙස බදු වැඩිකිරීම සන්ම්බන්ධයෙන් දැඩිව විරෝධය පළකරන බවයි එම වෘත්තීය සමිති අවධාරණය කරන්නේ.
2024 – 2026 වැටුප් වර්ධකය ලබාදෙන ලෙසද මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය හරහා ඔවුන් ඉල්ලා සිටියි.
උද්ඝෝෂණය හෙට දහවල් 12.00 ට ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිට පැවැත්වීමට නියමිතයි.
ASK