ගසක් කඩා වැටීමෙන් වාහන කිහිපයකට බරපතල හානි

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයට නුදුරුව ප්‍රධාන මාර්ගය අසල පිහිටි දැවැන්ත ගස් දෙකක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා වාහන අටකට දැඩි ලෙස හානි සිදුවී ඇත.
අද පෙරවරු 11.00ට පමණ මහනුවර තිලක් රත්නායක මාවතේ පිහිටි දැවැන්ත ගස් දෙකක් ඇද වැටී මෙම අනතුර සිදුව තිබේ.

තුවාල ලැබූ දෙදෙනා මහනුවර ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට ඇති අතර අනතුරින් වෑන්, කාර්, ත්‍රිරෝද,ලොරි ඇතුලු වාහන අටකට හානි සිදුව ඇත. වසර ගණනාවක් පැරණී මෙම ගස්වල මුල් දිරාපත් වී තිබුණු බව ප්‍රදේශවාසීන් පැවසූහ.
මහනුවර මූලස්ථාන පොලීසිය, නගරික ගිනි නිවේමේ ඒකකය, යුද හමුදාව, මහනුවර මහ නගර සභාව, මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය ඇතුලු ආයතන රැසක් එක්ව ගස ඉවත් කිරීමට පියවර ගත් අතර මේ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් මාර්ගයේ වාහන ධාවනය අත්හිටුවා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...