*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදය අපි ජය ගත යුතුයි…

COVID-19 වෛරසය පැතිර යාමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර නොවූවිරූ ආකාරයේ අභියෝගයන්ට මුහුණ දී තිබේ. ඒ, රජයේ අදායම් සීමා වුව ද සෞඛ්‍ය පහසුකම් සැලසීම හා සහන කටයුතු සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බැවිනි.මේ අසීරු අවස්ථාව ජය ගැනීම සඳහා වියදම් සීමා කිරීම ඇතුළු නොයෙකුත් ආර්ථික උපක්‍රම අනුගමනය කරන බව රජය පවසයි. රාජ්‍ය අදායම අඩුවීම තුළ රටේ වියදම COVID-19 තත්ත්වය හමුවේ තවත් ඉහළ යාම නිසා පැවති ආර්ථික අර්බුදය තවත් උග්‍ර වී ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.

කොරෝනා වෛරසය නිසා ඇතිවූ ආර්ථික අභියෝගවිදේශ විනිමය, සංචාරක කර්මාන්තය, සහ ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් විදෙස් රටවලින් මුදල් ගලා එන ක්ෂේත්‍ර වේ. එහෙත් COVID-19 ගෝලීය වසංගතයක් ලෙස පැතිර යාමත් සමග එම ප්‍රධාන අදායම් මාර්ග සියල්ල අවහිර වී ඇත.එමෙන් ම රට තුළ නිෂ්පාදන හා සේවාවන් ක්‍රියාත්මක කිරීම ද ඇණහිට තිබේ. මේ තුළ තේ ඇතුළු සියලු නිෂ්පාදනවල අපේක්ෂිත අපනයන ආදායම ද ශ්‍රී ලංකාවට අහිමි වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා ඇමරිකාව, යුරෝපය ඇතුළු වෙළඳපොල අහිමිවීම තිබේ. එමෙන්ම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය චීනය ඇතුළු රටවලින් ලබා ගැනීමේ මාර්ග ද දැන් අහිමිවී ඇත.2020 වසරේ ජනවාරි මාසයේ අපනයන අදායම 2019 ජනවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1005 දක්වා 3.2%කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රේල් 03 වෙනිදා නිකුත් කළ ආර්ථික දර්ශක වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම 2020 වසරේදී ජනවාරි මාසය තුළ ආනයන වියදම පෙර වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1735 දක්වා 4.8%කින් ඉහළ ගොස් තිබේ.එමෙන් ම ඩොලරය ඉතිහාසයේ පළමු වරට රුපියල් 200.00 සීමාවට පැමිණ ඇති අතර කොටස් වෙළඳපොළ කටයුතු අක්‍රිය වී ඇත.රටේ ප්‍රධාන අදායම් මාර්ග අහිමි වූ පසුබිමක සෞඛ්‍ය පහසුකම් සැලසීම හා අත්‍යවශ්‍ය සහන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට සහ මේ වසර තුළ නියමිත ණය ගෙවීමට රජයට සිදුවේ.

අප රටට විතරක් නොව මුලු ලොකයේම ආර්ථීකය කඩා වැට් තිබෙන කාල සිමාවකට තමයි මෙ සියලු දෙනාම මුහුණ දි තිබෙන්නේ .අඩසියවසකටත් වැඩිකාලයක් තිස්සේ ලෝක ආර්ථීකය නැමති අධිවේගී දුම්රියෙහි නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. ආර්ථීක හා මූල්‍ය අංශයෙන් සලකා බලන විට පසුගිය අඩසියවසක කාලය තුළ ලෝක ආර්ථීකය වෙනස්වීමෙහි ලා ඇ.එ.ජ. විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. ලෝකයේ විශාලතම ආර්ථීකයට හිමිකම් කියන ඔවුන්ට ලෝක ආර්ථීකයෙන් 30% ක් පමණ අයත් වේ. මෙලෙස ඉතා විශාල ආර්ථීකයකට හිමිකම් කියන ඇ.එ.ජ. වර්තමානයේ විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබේ. විශේෂයෙන් ඇමරිකාව යනු වෙනත් ආර්ථීකයන් මෙන් නොව මූල්‍ය ක්‍රමය මත ගොඩනැගී ඇති අතිවිශාල මූල්‍ය ආර්ථීකයකි. 1792 සිට 2007 දක්වා දරුණු ආර්ථීක අර්බුද 17 කට ඇ.එ.ජ. මුහුණ දී තිබේ.

බැංකු විශ්වාස බිඳවැටීම් 07 ක්, ආර්ථීක අවපාත 06 ක් හා ආර්ථීක පරිහානි 04 ක් ඒ අතර වේ. ඇමරිකාව මුහුණදෙන අලූත්ම ආර්ථීක අර්බුදය වන මූල්‍ය අර්බුදය ඔවුන් මුහුණ දෙන 18 වන ආර්ථීක අර්බුදය වන අතර එය 1929 න් පසු ඔවුන් මුහුණදෙන දරුණුම අර්බුදය වේ. මෙලෙස ආර්ථීක අර්බුද 17 කට මුහුණ දී ඉන් ජය ලබා ඇති ඇමරිකානුවන් කෙසේ හෝ වත්මන් අර්බුදය ද ජය ගැනීමට උත්සාහ දරනු ඇත. සාමාන්‍යයෙන් රටක් තුළ කලින් කලට ව්‍යාපාර චක්‍ර ඇතිවීම හෙවත් වෙළඳ උත්පාත, අවපාත ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි.

නමුත් මෙහිදී අපට මෙම අර්බුදය එසේ සාමාන්‍ය එකක් ලෙස බැහැර කළ නොහැකි වන්නේ එය ඇමරිකාවට පමණක් නොව ලෝකයේ අනෙකුත් සියලූම රටවල් වලට බලපාන ගැටලූවක් වී ඇති බැවිනි. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල් වලට මෙය ප්‍රබලව පලපා තිබේ. ඒ අනුව මෙම ඇමරිකා මූල්‍ය අර්බුදය ඇතිවූ ආකාරය, එය ඇමරිකා ආර්ථීකයට බලපෑ අන්දම, ලෝකයේ අනෙකුත් රටවල්වලට විශේෂයෙන්ම ආසියාතික රටවලට එය රැගෙන ගිය යාන්ත්‍රණය හා ශ්‍රී ලංකා ආර්ථීකයට ද ඒම බලපෑම සිදුව ඇත.

ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan