පාන් මිල බේකරි හිමියාගේ නම් ප්ලේන්ටියේ මිල හෝටල් හිමියාගේ නම් බස් ගාස්තු විතරක් රාජ්‍ය ඇමතිට තීරණය කරන්න බලයක් නැහැ (VIDEO)

Date:

පෞද්ගලික බස් කර්මාන්තය ආරක්ෂා වෙන, බස් හිමියන්ට එකඟ විය හැකි, සේවකයින්ට හොඳ වැටුපක් ගෙවිය හැකි බස් ගාස්තු සංශෝධනයකට පමණක් එකඟ වන අතර නැත්නම් ඩීසල් සහනාධාරයක් හිමි විය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.

එසේ නොමැතිව හෙට දින වැඩි කිරීමට නියමිත සොච්චම් බස් ගාස්තුවට එකඟ නොවන බවයි ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ.

බලාපොරොත්තු වෙන ලෙස අවම බස් ගාස්තුව රු. 20 අගයකින් වැඩි නොවන්නේ නම් ඩීසල් සහනාධාරය ලබා ගැනීම සඳහා දිගින් දිගටම මැදිහත්වන බවද ඔහු පැවසුවේය.

ඒ වෙනුවෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමටද නොපැකිළෙන බවයි ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ.

එමෙන්ම පාන් මිල තීරණය කරන්නේ බේකරි හිමියා නම් ප්ලේන්ටියේ මිල තීරණය කරන්නේ හෝටල් හිමියා නම් බස් ගාස්තු තීරණය කිරීමට රාජ්‍ය ඇමතිට බලයක් නැති බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...