පාන් මිල බේකරි හිමියාගේ නම් ප්ලේන්ටියේ මිල හෝටල් හිමියාගේ නම් බස් ගාස්තු විතරක් රාජ්‍ය ඇමතිට තීරණය කරන්න බලයක් නැහැ (VIDEO)

Date:

පෞද්ගලික බස් කර්මාන්තය ආරක්ෂා වෙන, බස් හිමියන්ට එකඟ විය හැකි, සේවකයින්ට හොඳ වැටුපක් ගෙවිය හැකි බස් ගාස්තු සංශෝධනයකට පමණක් එකඟ වන අතර නැත්නම් ඩීසල් සහනාධාරයක් හිමි විය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.

එසේ නොමැතිව හෙට දින වැඩි කිරීමට නියමිත සොච්චම් බස් ගාස්තුවට එකඟ නොවන බවයි ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ.

බලාපොරොත්තු වෙන ලෙස අවම බස් ගාස්තුව රු. 20 අගයකින් වැඩි නොවන්නේ නම් ඩීසල් සහනාධාරය ලබා ගැනීම සඳහා දිගින් දිගටම මැදිහත්වන බවද ඔහු පැවසුවේය.

ඒ වෙනුවෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමටද නොපැකිළෙන බවයි ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ.

එමෙන්ම පාන් මිල තීරණය කරන්නේ බේකරි හිමියා නම් ප්ලේන්ටියේ මිල තීරණය කරන්නේ හෝටල් හිමියා නම් බස් ගාස්තු තීරණය කිරීමට රාජ්‍ය ඇමතිට බලයක් නැති බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...