විනිමය හුවමාරු ක්‍රමවේදය යටතේ ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදල යළි පියවීම සඳහා මාස තුනක සහන කාලයක් ලබාදීමට බංග්ලාදේශ මහ බැංකුව එකඟ වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ ඉල්ලීමක් අනුව මෙම සහන කාලය ලබාදීමට තීරණය කර ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව මුහුණ දී සිටින විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා මෙම මුදල ලබාගත් අතර කොටස් තුනකින් එම ඩොලර් මිලියන 200 ශ්‍රී ලංකාවට හිමි විය.
මෙම මුදල යළි පියවීමේදී 02% ක පොළී මුදලක්ද බංග්ලාදේශ මහ බැංකුවට ගෙවීමට සිදුවනු ඇත.
UNS –