ද්විත්ව පුරවැසිභාවයට වැඩි ඉල්ලුමක්…

පසුගිය වසරේ දී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට 5,401 දෙනෙකු අයඳුම් කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක මේ බව සදහන්වේ.

වැඩිම පිරිසක් ඉදිරිපත් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවෙන්වන අතර එම සංඛ්‍යාව 1,621 කි. එක්සත් රාජධානියෙන් ලැබී ඇති අයඳුම්පත් සංඛ්‍යාව 885 කි. ‍

අමෙරිකාවෙන් 795 ක් හා කැනඩාවෙන් 371 දෙනෙකු ද්විත්ව පුරවැසි භාවය ඉල්ලා තිබේ. ඊට අමතරව ඉතාලිය ස්විට්සර්ලන්තය, ස්විඩනය, නවසීලන්තය, ප්‍රංශය හා ඩෙන්මාර්කය යන රටවලින් ද, අයඳුම් පත්‍ර ලැබී ඇත.

මේ අතර, 2021 වසරේ දී දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 382,560 කි.

රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර 398 ක් ද ඒ අතර වේ. එය, 2020 වර්ෂයට සාපේක්ෂව වැඩි වීමක් ‍පෙන්නුම් කර ඇතැයි වාර්තාවේ සඳහන් වේ.

2020 වසරේ දී ගුවන් ගමන් බලපත්‍ර 209,411 ක් නිකුත් කර තිබේ. ඉන් 175 ක් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...