62% ක් ජා.ජ.බ ​ට…….

Date:

මහව විවිධ සේවා සමුපකාර සංගම් මහා සභාව වෙනුවෙන් සභිකයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමස්ත ආසන සංඛ්‍යාවෙන් 62% ක ප්‍රතිශතයක් දිනා ගැනීමට ජාතික ජන බලවේග​ය​​‍​‍ සමත්ව තිබේ.

විවිධ සේවා සමුපකාර සංගමයට අයත් ප්‍රාදේශිකයන් 30 ක දී පැවති මෙම ඡන්ද විමසීමේ දී ජනතා විමුක්ති පෙරමුණ සිය බලය තහවුරු කරගෙන ඇත.

මෙහිදී ජාතික ජන බලවේග​ය​ට ආසන හැට දෙකක් (62), පොදුජන පෙරමුණට ආසන දහයක් (16),සමගි ජන බලවේගය ට ආසන්න දාහතරක් (14 ක් හා ස්වාධීන කණ්ඩායමට ආසන නවයක් (9) ක් වශයෙන් බෙදී ගොස් තිබේ.

මහව සමූපකාර ප්‍රාදේශික තිහක් (30) සඳහා සභිකයන් සිය දෙනකු තෝරා පත් කර ගන්නා අතර ඡන්ද විමසීමේ දී පැවති ප්‍රාදේශීය 30 න් 13 ක් සඳහා ඉදිරිපත් වූ සියලු සභිකයන් ජාතික ජන බලවේග​යෙ​න් තේරී පත් වීම ද මෙහිදී කැපී පෙනෙන සිද්ධියකි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු සිද්ධියෙන් දුෂණයට පාර කපලා – මරික්කාර්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ...

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...